GossipsHollywood & Bollywood
Trending

කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නාද…?




මේ පුවත ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට නම් තරමක සතුටුදායක එකක් වනවාට සැක නැහැ. මොකද කෝලිට අපේ ක්‍රිකට් ලෝලීන් ඒ තරම් මනාප නැහැ. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, කෝලි ග්‍රවුන්ඩ් එකට ආවම අපිට ක්‍රිකට් එපාවෙන තරමට හතර වටේටම ප්‍රහාර එල්ල කරනවනෙ.

කොහොම වුණත් ඔන්න කෝලි අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් හදිසියේම නිවාඩු අරගෙන කියලා ආරංචියි. මේ ගැන හොයා බලද්දි අපිට ආරංචි වුණ විදියට කෝලි අනුෂ්කා එක්ක විදෙස් සංචාර කිහිපයකට සහභාගී වෙන්න තීරණය කරලාලු.

අනුෂ්කා – කෝලී විවාහය සිදු වුණාට මේ දෙන්නාට හිතේ හැටියේ මධුසමයවත් ගතකරන්න අවස්ථාව නොලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා තමයි. ඉතිං අවසානයේ කෝලි තීරණයක් ගන්නවා. ක්‍රිකට් ගැහිල්ල පැත්තකින් තියලා කෝලි තමන්ගේ සුන්දර බිරිය අනුෂ්කා ශර්මා එක්ක විදෙස්ගත වෙන්නෙ ඒ විදිහට.

කෝලිගේ මේ සමුදීම තාවකාලික එකක් බවත් කියන්න ඕනේ. විදේශ සංචාරය නිමා කරලා ඉන්දියාවට ආපු සැනින් කෝලි නැවතත් ක්‍රිකට් පිටියට පැමිණේවි. එතකල් අපි කෝලිටයි අනුශ්කාටයි ගොඩාක් සතුටින් සංචාරය නිම කරන්න ලැබේවා කියලා සුබපතනවා

Tags
Show More
Close