GossipsHollywood & Bollywood
බොලිවුඩ්වල ඊළඟ විවාහය සුෂ්මිතාගේ.Exclusive Photos
Sushmita Sen

Sushmita Sen Marriage Exclusive from Starfiends.lk
මේක බොලිවුඩ්වල (Bollywood) මඟුල් පිට මඟුල් පවත්වන කාලයක්. ඒවාත් සුළුපටු මඟුල් නෙමෙයි. සුපිරි බොලිවුඩ් තරු සහ තාරකාවන් අතිනත ගන්න මහා විවාහ මංඟල්‍යයන්. කොටින්ම බොලිවුඩ් කියන්නේ මේ දවස්වල මඟුල් සක්වලක්.
කවුද දැන් එකතොට බොලිවුඩ්, මඟුල් සක්වලක් කරපු අය? මෑතක දී ජයටම වෙඩින් ගත්ත බොලිවුඩ් සුපිරි තාරකාවන් ගැන කියනවා නම් සෝනම් කපූර් (Sonam Kapoor), අනුශ්කා ශර්මා (Anushka Sharma), දීපිකා පදුකෝන් (Deepika Padukone), ප්‍රියංකා චොප්රා (Priyanka Chopra) ඒ අතර ඉන්නවා. සෝනම් විවාහ වුණේ ආනන්ද් අහුජා එක්ක. අනුශ්කා ශර්මා විවාහ වුණේ සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එක්ක. දීපිකා විවාහ වුණේ රන්වීර් සිංග් එක්ක. ප්‍රියංකා විවාහ වුණේ නික් ජෝන්ස් එක්ක. ඉතින් මේ විවාහ මංඟල්‍ය ඔක්කොම වගේ බොලිවුඩ් කළඹවන්න සමත් වුණා. ඒවා විශාල වියදමක් දරලා සිදු කරපු මහා මංඟල්‍ය කිව්වොත් නිවැරදියි.

දැන් මේ මගුල් පිට මගුල් නටන බොලිවුඩ් මගුල් සක්වලට අලුතෙන්ම එකතුවන සුපිරි නිළිය කවුද දන්නවාද?ඇය තමයි සුෂ්මිතා සෙන් (Sushmita Sen). සුෂ්මිතාට දැන් වයස අවුරුදු 42ක්. විවාහවන වයස නම් ටිකක් ඉක්ම ගිහින් තමයි. හැබැයි ඉතින් විවාහයට එහෙම නිශ්චිත වයස් සීමාවක් නැහැනේ. ඔන්න ලබන අවුරුද්දේ සුශ්මිතාගේ විවාහය සිද්ධවෙනවාලු. ඒ නිරූපණ ශිල්පියෙක් එක්ක. ඔහු නමින් රෝමන් ශවාල්.
සුශ්මිතාට දැනටමත් දියණියක් ඉන්නවා. ඇය සුශ්මිතා හදාවඩා ගන්නා දියණියක්.




Sushmita Sen Marriage Exclusive from Starfiends.lk