Daily News
ගෙදර ඉන්න වෙලාවට ශනාලිගේ පෙම්වතා නිතර නිතර කෝල් කරන්නේ ඇයි? – ශනාලි වීරසිංහ
Shanali weerasinghe's Boyfriend

Shanali weerasinghe’s Boyfriend Exclusive from Starfiends.lk

ශනාලි වීරසිංහ ( Shanali weerasinghe ) එයාගේ දුරකථනය පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කරලා තිබුණා. ශනාලිගේ ෆෝන් එකේ 18664ක් ඡායාරූප තියෙනවාලු. ඒ අතර ගොඩක්ම තියෙන්නේ ඉතින් ශනාලිගේ පින්තූර තමයි. සාමාන්‍යයෙන් ඉතින් ශනාලිට නැතිවම බැරි ඇප් දෙකක් තියෙනවා. ඒ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook). ශනාලි ෆෝන් එකෙන් ගේම් ප්ලේ කරනවා. ටවුන් විලේජ් (Town Village) ගේම් එකට තමයි ඇය හුඟක්ම කැමැති.
ෆෝන් එක එලාම් එක විදියට යූස් කරද්දී ශනාලිගේ වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි. වැඩකට යන්න ඕනේ උදේ 5ට කියලා හිතමු. එතකොට ශනාලි 4.30ට, 4.45ට, 5.00ට, 5.15ට, 5.30ට එලාර්ම් තියනවා.
හිතාගන්න පුළුවන්නේ ශනාලිගේ කම්මැලිකම. ඉතින් ශනාලිට මේ ෆෝන් එක අරගෙන දෙන්නේ ඇයගේ අම්මා. ඒ නිසා ඇයට මේ තෑග්ග හුඟක්ම වටිනවා.
ශනාලිගේ ෆෝන් එකට වැඩිපුරම දුරකථන ඇමතුම් එන්නේ අම්මාගෙන් සහ පෙම්වතාගෙන්. අම්මා කෝල් ගන්නේ නිවසින් බැහැර වෙලා කොහේ හරි ගියපු වෙලාවට. ඒත් පෙම්වතා කෝල් ගන්නේ නම් ශනාලි ගෙදර ඉන්න වෙලාවටලු. ගෙදර ඉන්න ශනාලිට පෙම්වතා මේ තරම් කෝල් කරන්නේ නිදහසේ කතා කරන්න පුළුවන් නිසා වෙන්න ඕනේ. එලියට බැස්සම ඉතින් බිසී වෙනවානේ.
ශනාලිගේ මුදල් පසුම්බිය ගැනත් කියන්නම ඕනේ. ඒක මාරම පිළිවෙලට තියාගන්නවාලු. පර්ස් එකේ කොයිම වෙලාවකවත් සල්ලි නැතිවෙන්නෙත් නැහැලු. ශනාලි අඩු තරමින් බස් ටිකක්ට් එකක්වත් , බිල් එකක්වත් පර්ස් එකට දාන්නේ නැහැලු.


Shanali weerasinghe’s Boyfriend Exclusive from Starfiends.lk