Daily News
Trending

ශලනිගේ වෙස් පෙරලුනු හැටි…




ශලනි තාරකා කියන්නෙ ඇත්තටම සුන්දර රංඟන ශිල්පිනියක්නෙ. මේ දවස්වල ශලනි ටෙලිනාට්‍යය කීපයකම දකින්න ලැබෙනවා.

ඒත් පහුගිය මාසයක පමණ කාලයක් තිස්සේ ශලනි වැඩක් භාර නොගෙන ඉඳලා තියෙනවා. අන්න ඒ අතරෙදි තමයි ශලනි එයාගේ කොන්ඩෙට අමුතු විලාසිතාවක් එක් කරගන්නෙ. මේකට කියන්නෙ බොක්ස් බ්‍රේඩ් කරනවා කියලා. කොහොම වුණත් ශලනිට මේ බ්‍රේඩ් එකට පස්සේ ඉක්මනටම පොටෝ ෂූට් එකක් කරන්නත් ඕනෙ වෙලා. හරියට දකුණු අප්‍රිකාණු සම්භවයක් ඇති නිරූපිකාවක් වගේ සැරසුන ශලනි මේ ෂූට් එකට මුහුණ දෙන්නෙ ඒ ආකාරයට. ශලනිව ඒ විදියට හැඩගන්වන්නෙ සහ කැමරා කාචයට හසු කරගන්නෙ ප්‍රවීන මෝස්තර නිර්මාණ ශිල්පී රැෆෙලා ප්‍රනාන්දු.

ඒ වගේම ශලනිගේ වෙනස්ම හැඩයක් මතු කරගත්ත රැෆෙලා මෙහි, ඇයගේ ඡායාරූප ශිල්පිනිය ද වනවා.

පසුගිය දවසක පැවති සුපිරි උපන්දින සාදයක් සඳහා රැෆෙලා විසින් ශලනිට ඇඳුමක් නිර්මාණය කරලා දෙනවා. ඒ සමබන්ධයෙන් සමාජ ජාල මාධ්‍යය පුරා පැතිරුණේ මිශ්‍ර හැඟීමක්. නමුත් මෙවර නම් ශලනිගේ පෙනුම සම්බන්ධයෙන් ලැබී තිබුණේ ඉතාම හොඳ ප්‍රතිචාර කියලා තමයි කියන්න වෙන්නෙ.

Tags
Show More
Close