Daily NewsGossipsHollywood & Bollywood
Trending

ශාරුක් ඛාන් බාල පුතු ඒබ්‍රම් නිසා සංවේදී වෙයි…




ශාරුක් ඛාන් කියන්නෙ බොලිවුඩ්වල හොඳ පවුල් ජීවිතයක් ගතකරන අතලොස්සෙන් එක්කෙනෙක්. දුවක් සහ පුතෙක් හිටපු ශාරුක්ගේ කැදැල්ලට චූටිම පුතු ඒබ්‍රම් එකතු වෙන්නෙ ටික කාලයකට පස්සේ.

ඉතාම ආදරණීය පියෙක් ලෙස රසික රසිකාවියන් අතර ආදරය දිනාගෙන සිටින ශාරුක් පසුගිය දවසක චූටිම පුතා නිසා සංවේදී වෙනවා.

පසුගිය දවසක ලෝක පියවරුන්ගේ දිනය යෙදිලා තිබුණානෙ. මේ වෙනුවෙන් පුංචි ඒබ්‍රම් එයාගේ තාත්තට සුබපැතුම් පතක් පිළිගන්වනවා. තවම හරියට අකුරු ලියාStarfriends news - Shah Rukh Khan and His Son Fathers day Giftගන්නවත් බැරි මේ චූටි දරුවා එකම එක වාක්‍යයක් ගැටගහලා සුබපැතුම් කාඩ්පතක් තනියම නිර්මාණය කරනවා.

“You are the best papaa in the world”

චූටි ඒබ්‍රහම් මෙහෙම ලියපු කාඩ්පත ශාරුක්ට ලැබෙන්න සලස්වනවා. තමන්ගේ අවුරුදු 5ක් වයස පොඩි පුතා තැන තැන සිදුවූ වැරදිත් එක්කම පිළිගන්වපු මේ කාඩ් එක දැකලා ශාරුක් හොඳටම සංවේදී වෙනවා.

ඊට පස්සේ ශාරුක් පුංචි ඒබ්‍රම් වඩාගෙන ගත්ත සෙල්ෆි ඡායාරූපයකුත් එක්ක පුංචි සටහනක් ඔහුගෙ ට්විටර් ගිනුමට එකතු කරනවා. ඔහු කියන්නෙ තාත්තා කෙනෙක් විදියට ඔහුගෙ ජීවිතය සම්පූර්ණ වී ඇති බව.

Tags
Show More
Close