සෙනාලි ෆොන්සේකා මේ දවස්වල ස්ටාර් සිටි වේදිකාවේ තරඟකාරිනියක්. ඒ ඇයගේ ඥාති සහෝදරයා සමග. ඒ නිසා පහුගිය දවස්වල සෙනාලියි එයාගේ අයියයි සම්බන්ධයෙන් විවිධ පුවත් පළවුණා.
පහුගිය දවසක මාලනී ෆොන්සේකා ඒ කියන්නෙ සෙනාලිගේ නැන්දාගේ ගෙදර ගියපු සෙනාලියි එයාගේ ඥාති සොහොයුරයි ඥාති සොයුරියයි තුන්දෙනා අපූරු පොටෝ ෂූට් එකකට සම්බන්ධ වෙනවා.
ඒ අතර තමයි සෙනාලි එයාගේ රසික රසිකාවියන්ව මුණගැහෙන්නෙ ලයිව් එන්නෙ. සෙනාලි ලයිව් ඇවිත් අයියත් එක්ක හැමෝටම කතා කරනවා. ලොකු නැන්දව වගෙම අනෙක් සහෝදරියවත් මේ ලයිව් වීඩියෝවට සම්බන්ධ කරගන්න සෙනාලි අමතක කරන්නෙ නැහැ. කොහොම හරි සෙනාලි එක එක අතට ඉඳගෙන පොටෝ ෂූට් එකට පෙනී සිටින හැටිත් මේ ලයිව් වීඩියෝවෙන් පෙන්නනවා. අක්කලා නංගිලා අයියලාගේ ආදරයට ඒ වෙලාවේ ලයිව් එකතුවෙලා හිටපු රසික රසිකාවියන් සෙනාලිට සුභ පතනවා.