Daily News
Trending

ලස්සන බිරිඳකට පිරිමි කැමති හේතුව. -නදිනි ප්‍රේමදාස

Nadini Premadasa




Secret Behind Nadini‘s Beauty Exclusive from Starfiends.lk

නදිනි මේ දවස්වල වැඩි සද්දයක් නෑ. ඉස්සර නම් ඉතින් නදිනි (Nadini) නැති එළිමහන් සංගීත සංදර්ශනයක් නැති තරම්නේ. රියැලිටි තරඟයකින් ගායනයට ඇවිල්ලා නදිනි ඒ සාර්ථකත්වය දිගින් දිගටම පවත්වාගෙන යන්නත් සමත් වෙනවා. ඇය එහිදී බටහිර සංගීත ආර තෝරා ගන්නවා. කල වයස ආවම ඇය විවාහ දිවියට අතුල් වෙනවා. මේ වන විට නදිනි දරුවන් දෙදෙනකුගේ කාර්යබහුල මවක්.

අම්මා කෙනෙක් වුණාම ෆිගර් අවුට් වෙනවා. කැත වෙනවා. මව් කිරි ඔ්නවාට වඩා දුන්නාම අම්මාගේ පියයුරු එල්ලා වැටෙනවා. මේවා තමයි අම්මා කෙනෙක් වුණාම ගොඩක් ගැහැනුන්ට තියෙන ප්‍රශ්න. ඉතින් සමහර අම්මලා මව් කිරි දෙන ඒකත් මේ නිසා ඉක්මන්ටම නතර කරලා දානවා.
කලාකරුවන් කියන්නේ ලස්සන කියන දේ නැතිවම බැරි පිරිසක්. එයාලා රසික ආකර්ශනය තියාගන්න සිරුරේ හැඩයත් පෙනුමත් යන දෙකම පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ලස්සන කියන දේ අපි හැමෝටම ඒක වගේ වැදගත්. මවක් වුණාම ජීවිතය කාර්ය බහුල වීම නිසා ලස්සන ගැන හිතන්න වෙලාවක් නැතිව යනවානේ. ඉතින් කොයිතරම් වැදගත් වුණත් ගැහැනුන්ට කසාද බැන්දට පස්සේ රූපය ගැන තියෙන අවධානය නැතිවෙලා යනවා.

හැබැයි නදිනි නම් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණත් රූපයට තියෙන අවධානය අඩුවෙන්න දුන්නේ නැහැ. ඇය පුරුද්දක් විදියටම කරගෙන ආපු හොඳ පුරුදු ටිකක් තිබුණා. ඒ පුරුදු මවක් වුණාට පස්සෙත් නොකඩවා කරගෙන එන්න ඇය අමතක ‌කළේ නෑ. ඒ නිසා නදිනි අදත් වෙනදා දැකපු නදිනිමයි. සිරුරේ හැඩය මේ තරම් ලස්සනට පවත්වා ගැනීමේ රහස නදිනි හෙළි කරන්නේ මෙන්න මෙහෙමයි,
සාමාන්‍යයෙන් දිනපතාම නදිනි වතුර ලීටර් 4ක් නම් පානය කරනවාමලු. ඒ වගේම පොඩි බඩගින්නට නදිනි ශෝර්ට් ඊට්ස් ගන්නේ නැහැ. එහෙම වෙලාවට නදිනි කරන්නේ පළතුරු යුෂ පානය කරන එක. අනිත් වැදගත්ම කාරණය තමයි නදිනි සතියට දවස් තුනක් අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න කැප කරනවා. ඒකට ඉතින් කම්මැලි කමට ඉඳලා බැහැ. පාන්දර ඇහැරෙන්න ඔ්නේ. නදිනි නම් පාන්දර 5ට ඇහැරෙනවාලු.

˝දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් වෙලත් ඔයා තවමත් හරි ලස්සනයි˝ පවුලේ අය, හිතවතුන් වගේම නදිනිගේ රසික රසිකාවියන් මෙන්න මෙහෙම කිව්වාම නදිනිගේ හිතට නිහතමානී ආඩම්බරකමක් එනවාලු. කොහොමටත් මිනිස්සු කැමැති ලස්සනට ප්‍රියමනාපව ඉන්න අයට. නදිනි නම් කියන්නේ ස්වාමිපුරුෂයා වුණත් කැමති ලස්සන බිරිඳකට කියලයි. නදිනිට ඔ්නම ඇඳුමක් ලස්සනයි. ඒත් නදිනි කැමති ටීෂර්ට් එකටයි ජීන් එකටයි. මොකද ඒ ඇඳුමට නදිනිගේ සිරුරේ හැඩය ලස්සනට කැපිලා පේනවාලු.

පවුල් ජීවිතයක් පවත්වාගෙන යන්න එකිනෙකා අතර විශ්වාසය, ගෞරවය, සවන්දීම, ඉවසීම වගේ කාරණා එක්ක ලස්සනත් වැදගත් කියලා නදිනි කියනවා. ඒකට හේතුව ලස්සන බිරිඳකට පිරිමි ආසයිලු. තමන්ගේ බිරිඳ ලස්සනට ඉන්නවා දකින්න හැම සැමියෙක්ම කැමැතියි කියලයි නදිනි කියන්නේ. හැබැයි ඉතින් කෙනෙකුට ලස්සන විතරක් තිබුණාම මදි. ගුණ යහපත්කමත් තියෙන්න අවශ්‍යයි. නදිනි ඒ් ගැනත් සිහිපත් කරනවා.

Secret Behind Nadini‘s Beauty Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close