Daily News
Trending

කෝන්තර ඉවරයි. සාරංග පැරණි පෙමටම ළං වෙයි. Exclusive Photos

Saranga Disasekara




Saranga Disasekara’s New Girlfriend Exclusive from Starfiends.lk

සාරංග හිත ගිය තැන හදපු මාලිගාව සුනු විසිනු වුණේ අගමෙහෙසිය බවට පත් කර ගන්න හිටපු කුමාරිකාව විදෙස්ගත වුණාට පස්සේ. සල්ලිය භාගේ යහමින් තියෙන පවුලක කෙල්ලක් වුණත් සාරංග ඇයට ඇත්තටම ආදරය කළා. ඒ් බව සාරංගගේ වගේම ඇගේ රසික රසිකාවියනුත් හොඳින්ම දන්නවා. ඒ් වුණාට දවසක් මේ පෙම්වතිය සාරංගව තනිකරලා හොර රහසේම විදෙස්ගත වෙන්න තීරණය කරනවා.

ටික කාලයක් ගතවන තුරු සාරංගට මේ වෙන්වීම අදහාගන්න බැහැ. ඒත් ජීවිතයේ මුහුණදෙන්න සිදුවුණ විවිධාකාර ප්‍රශ්න ඒක්ක ඒ ආදරය සාරංගගේ හිත යටටම කිඳා බැහැලා නිහඬ වෙනවා. ඒ වුණාට ඉතින් ආදරයයි කැස්සයි කියන දෙක සක්කරයාටවත් හංගන්න බැහැයි කියලා කතාවක් තියෙනවානේ. සාරංගටත් ඔහු ගේ හදවතේ ගැඹුරටම කිඳාබැහැලා තිබුණු ආදරය හංග ගන්න බැරිවෙනවා.

ආදරය කරනවා කියන්නේ එකිනෙකා කෙරෙහි තියෙන විශ්වාසයට සහ අවබෝධයට. ඒත් කවදාවත්ම ආදරය කරන දෙන්නෙක් එක හා සමාන වෙන්නේ නැහැ. මේ නිසා ප්‍රේමවන්තයින් අතර ප්‍රශ්න ඇති වෙනවා. වෙන් වෙනවා. එක් වෙනවා. තරහා වෙනවා. යාළු වෙනවා. ආදර කතාවලට මේ දේවල් අරුමයක් නෙමෙයි.

විවිධාකාර ප්‍රශ්නවලට මුහුණ දුන්න සාරංගගේ ආදරකතාවත් නතර කරපු තැන ඉඳලා ආයෙත් පටන්ගන්න යන බව අපිට දැනගන්න ලැබුණා. ආරංචිය ලැබෙන්නෙත් සාරංගගෙන්ම නිසා මේ ගැන බයක් නැතිවම ඔයාලට කියන්න හිතුවා.එක දවසක්, සාරංගට ඇය ගැන අදහාගන්න බැරි හෝඩුවාවක් ලැබෙනවා. එතැනින් පස්සේ තමයි සාරංගවත් නොහිතපු විදියට එයාගේ හදවතේ පතුලටම කිඳා බැහැලා තිබුණ ආදරය මෝරලා වැ‌ඩෙන්න පටන්ගන්නේ. කෝටිපති පවුලක වැඩිමහල් දියණිය වූ ඇය නමින් අභිශේකා (Abhisehka). මෙගා ටෙලි කලාවට වෙනස් හැඩයක් දෙමින් නිර්මාණය වූ හාරකෝටියෙහි ලාරා නොහොත් සාරංගගේ පෙම්වතිය ලෙස දක්ෂ චරිත නිරූපණයක යෙදුනේ ඇය. හාරකෝටිය, කෝටිපතියෝ ලෙස වෙනස් මුහුණුවරක් ගනිද්දී අභිෂේකාව එම කතාවෙන් ඈත් කෙරෙනවා. නමුත් අභිෂේකාගේ චරිතය ඒලෙසින්ම කථාව පුරා රැගෙන එනවා. කෝටිපතියෝ හි අවසානය ළං වෙද්දි නැවතත් අභිෂේකාගේ චරිතය මුණගැසීමට නියමිත බවට ප්‍රෙක්ශකාගාරයටත් එහෙන් මෙහෙන් ඉඟි සැපයෙනවා.

ඒ අල්ලපනල්ලේ සාරංග සහ අභිෂේකා පළකරපු ඡායාරූපයක් නිසා මේ පුවතට විශ්වාසයත් එකතු වෙනවා. අභිෂේකා සහ සාරංග එක්ව ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක් වූ මෙහි ඔවුන් නැවතත් මුණගැසුණ බව ද සඳහන්ව තියෙනවා. ඒ අනුව නුදුරු දිනෙක ලාරාට අභිෂේකා මුණගැසීමට නියමිත බව අපිට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. අභිෂේකා ලෙස දක්ෂ ලෙස රඟපාන්නේ දිනිති වල්ගමගේ (Dinithi Walgamage) බවත් අවසානයේ සිහිපත් කරන්නම ඕනේ.

Saranga with Dinithi
Saranga Disasekara
Dinithi Walgama
Saranga Disasekara
Dinithi Walgama
Dinithi Walgama

Saranga Disasekara’s New Girlfriend Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close