Daily News
Trending

සාරංග කැමතිම co-star ශලනි තාරකාලු.

Saranga & Shalani




Saranga Disasekara & Shalani Tharaka Exclusive from Starfiends.lk

සාරංගයි – ශලනියි කියන්නේ පුංචි තිරයේදී නිතර මුණගැහුණ පෙම්වතුන්. ඒ වගේම සැබෑ ජීවිතයේ දී මේ දෙදෙනා ඉතාම සමීප මිතුරන්. සාරංග-ශලනි ගැන්ග් එකට අසේකා, දිනක්ෂි, එහෙමත් ඉන්නවා. මෑතකදී ශලනිගේ උපන්දිනය දවසේ මහරෑ 12ට ශලනිව පුදුම කරන්න ගියපු කණ්ඩායමේ ප්‍රධානියා වුණේත් සාරංග.

Saranga & Shalani

මේ සමීප මිතුරුකම තව දුරටත් තහවුරු කරමින් සාරංග ෆේස්බුක් පෝස්ට් එකක් දානවා. ඒ සෙල්ෆි ඡායාරූපයකුත් එක්ක. ඡායාරූපයේ පෙනී සිටියේ සාරංග සමඟ ශලනි. ඒ ඡායාරූපයට කැප්ෂන් එකක් එකතු කරමින් සාරංග කියලා තිබුණේ ඔහුගේ කැමතිම co – star වන්නේ වෙන කවුරුවත් නෙමෙයි ශලනි තාරකා කියලා.

මේ දවස්වල සාරංග සහ දිනක්ෂි ප්‍රේම චරිත රඟපාන ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. නිරාශා නමින් විකාශය වන අලුත්ම ටෙලි නාට්‍යයේත් සාරංගගේ පෙම්වතියට රඟපාන්නේ දිනක්ෂි.

සාරංග දාපු මේ පෝස්ට් එකට සාරංගගේ සහ ශලනිගේ රසික රසිකාවියන් එකතු කරපු කමෙන්ට්ස් දැක්කම තේරෙනවා ඒ දෙන්නා කොයිතරම් තිරයේදී ගැලපෙනවාද කියලා. ඔවුන් දෙදෙනාව පෙම්වතුන් ලෙස එකට දකින්න ගොඩක් අය කැමතියි කියලා ඡායාරූපයට ලැබුණ ප්‍රතිචාර වලින් තහවුරු වෙනවා. වෙස් නාට්‍යයට වගේම නිරාශා නාට්‍යයටත් දිනක්ෂි වෙනුවට ශලනිව යෝජනා කරපු ෆෑන්ස්ලාත් ඒ අතර හිටියා. ඒ හැමෝම සාරංගට දිනක්ෂිට වගේම ශලනිටත් ආදරය කරන අය. ඔවුන් තිරයේ පෙම්වතුන් ලෙස තෝරගන්නේ ශලනිව සහ සාරංගව. ඒක විජය-මාලනී, සනත්-සබීතා ගැලපුවා වගේ රසික ආකර්ශනයක් විතරයි. දිනක්ෂි රංඟනයේදී ඉහළ තැනක් සිටින බවත් මේ ගමන්ම කියන්න ඕනේ.

Saranga & Shalani
Shalani Tharaka
Saranga Disasekara

 

Shalani Tharaka

Saranga Disasekara & Shalani Tharaka Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close