GossipsHollywood & Bollywood
Trending

සංජය දත්ගේ අපූරු කතාව “සංජු” ලෙස සිනමා තිරයට….




තරමක් දිගට වවපු කොන්ඩෙත් වඩා උස් සිරුරකුත් හිමි සංජේ දත් කාලයක් පුරාවට බොලිවුඩයේ සිහිනකුමාරයා උනා. මේ සිහින කුමාරයගේ ජීවිත කතාව තිරයට නගන්න චිත්‍රපට අධ්‍යක්ෂක හිරානි තීරණයක් අරන් තියෙනවා.

සිනමාපටය ගොඩනැගෙන්නෙ සංජේ දත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා කාලයත්, ඔහුගේ ආදර සබදතා හා සිරගතව ගෙවපු කාලයත් පදනම් කරගෙනලු. සංජේ ඉපදුනෙ සුපිරි තරු යුවලකගේ එකම පුතා විදියට. එ සුනිල් දත් සහ නර්ගීස්ගෙ පුතා විදියට. සංජේ එක්තරා කාලයකදි මත්ද්‍රව්‍ය වලට ඇබබැහි්වෙනවා, එකවර පෙම්වතියන් කිහිප දෙනෙක් එකවර ඇසුරු කරන්වා, ඒ වගෙම ජිවිතේ වරින් වර ප්‍රශ්න කිහිපයකට මුහුන දෙන්න වෙනවා. මෙන්න මෙ කතාව තමයි සිනමා කතාවක් විදියට ගොඩනැගුනෙ.

සංජේගේ මේ සංකීර්ණ චරිතයට ජීවය දෙන්න තෝරගෙන තියෙන්නෙ රන්බීර් කපූර්. මේ සීනමාපටය නිසා රන්බීර්ට ගොඩක් මහන්සිවෙන්න වෙලා තියෙන්වා. ඒ කාලෙන් කාලෙට සංජ්යගේ සිරුරේ වෙනස්විම රන්බීර්ටත් වෙනස්කරගන්න උනාලු. මනිශා කොයිරාල තමයි සංජයගේ මවට රගපාන්න තෝරාගෙන තියෙන්නෙ. සෝනම් කපූර්, දියා මිස්රා වැනි සිනමා තරුත් මේ සින්මාපටයෙන් දැක ගන්න පුලුවන් අපට. ඒ ආර්.රහුමාන්ගේ තනු නිරමාණයට ජීවය දෙන්න සෝනු නිගම්, ශ්‍රියා ගෝශාල්, සුක්වින්දර් සිං දායක වෙලා තියෙන්වා.
සංජයගේ මව ඔහුව ඇමතුව කෙටි නම වෙන්නෙ සංජු විදියට. ඉතීන් ඒ නිසාම සිනමාපටයේ නමත් වෙන්නෙ සංජු කියලලු. මේ සිනමා පටයේ ට්‍රේලරයටත් මේ වෙනකොට ඉහල ප්‍රතිචාර ලැබෙනව කියලා තම්යි ආරංචී.ඉතින් සංජයගේ මේ අපුරූ ජිවිත කතාව බලන්න අපට තව ටික දවසක් ඉවසන් බලන් ඉන්න වෙනවා.

Show More
Close