Daily News
Trending

සමනලීට අද්භූත චෝදනා එල්ල කරපු මන්ත්‍රීවරයාට සිදු වූ අදහා ගන්න බැරි දේ මෙන්න.Exclusive Photos

Samanali Fonseka




Samanali Fonseka Exclusive from Starfiends.lk

ජනප්‍රිය සහ සම්මානනීය නිළි සමනලී ෆොන්සේකාගේ (Samanali Fonseka) නම පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී කියවුණා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර (Kanchana Wijesekara) මහතා කියා සිටියේ සමනලී ෆොන්සේකාට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් අයථා ලෙස මුදල් ලැබුණ බව.

නමුත් මේ ප්‍රකාශය සමඟ සමනලී දීර්ඝ ලෙස කරුණු දක්වමින් තමන් එක රුපියලක් හෝ එලෙස ලබා ඇති බව හෙළි කරන මෙන් අභියෝග කර සිටියා. ඒ වගේම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතියෙන් ක්‍රියාත්මක වන බව ද සැළකර සිටියා.

අවසානයේ සමනලී වෙනුවෙන් උදුල් ප්‍රේමරත්න (Udul Premarathne) නීතිඥවරයා පෙනී සිටියා. එහිදී මන්ත්‍රී වරයාට එරෙහිව එන්තරවාසි නිකුත් කරමින් පවසා තිබුණේ අදාල ප්‍රකාශය නිසා තමන්ගේ සේවාදායිකාවට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසයි. ලිපිය ලැබී දින 14ක් ඇතුළත රුපියල් මිලියන 500ක මුදල නොගෙවුවහොත් එම මුදල නඩු පවරා ලබා ගැනීමට කටයුතු කරන බවත් එහිදී නඩු පැවරීමට වැයවන මුදල ද අය කරගන්නා බවත් මෙම එන්තරවාසි ලියවිල්ලේ සටහන්ව තියෙනවා.

සමනලී ෆොන්සේකා තමන්ගේ නිර්දෝෂී භාවය මෙලෙස ඔප්පු කිරීමට ක්‍රියා කිරීම අප අගය කළ යුතුයි.

කෙසේ වුවත් මෙලෙස චෝදනා නැගෙන්නේ මෑතකදී කලාකරුවන් සම්බන්ධයෙන් එවැනි චෝදනා එල්ලව ඇති නිසා බව ද කිව යුතුයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි හේතුවෙන් සමනලීලා වැනි ස්වාධීන කලාකරුවන්ට පහර ගැසීම කිසි ලෙසකින් අනුමත කරන්න බැහැ. සමනලී ගත් මේ පියවරත් සමඟ මින් ඉදිරියට හෝ දේශපාලනඥයන් කටවාචාලකමට චෝදනා කිරීමෙන් වළකිනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ඒ වගේම එන්තරවාසිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය කෙබඳුදැයි අපි ඉවසිල්ලේ බලා සිටිනවා.

Samanali Fonseka
Samanali Fonseka
Samanali Fonseka

Samanali Fonseka

Samanali Fonseka

Samanali Fonseka Exclusive from Starfiends.lk

Tags
Show More

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close