
Roshan‘s Family Exclusive from Starfiends.lk
කොල්ලෙක් හැදෙන්න හරි නැතිවෙන්න හරි කසාද බඳින්න ඔිනේ කියලා පැරණ්නන් කිව්වේ කට කහනවාට නෙමෙයි. එක එක ජාතියේ භාර්යාවන් ඉන්නවා කියලා බුදු බණේ පවා සඳහන් වෙනවා. ඒ අතරින් වදක භාර්යාවක් වගේ මුණගැසුනොත් නම් ඉතින් සොරිම තමයි.
ගෙදර කිසිම වැඩක් පළක් නොකර අම්මලාගේ ඔඩොක්කුවේ නැළවි නැළවි ඉන්න බබාලා වගේ තරුණයෝ බැන්දාට පස්සේ නැහීගෙන වැඩ කරනවා. පුරුෂාධිපත්‍යය ගැන ඔය මොන මොන කයි කතන්දර කිව්වත් අපේ රටේ බහුතරයක් පිරිමි බිරිඳට භය පක්ෂපාතයි. ඒහෙම කියන එක හරි නෑ වගේ නම් ඒකට අපි ගෞරවය කියලා කියමුකෝ.
හැබැයි ඉතින් විවාහ ජීවිතයට ආදරය යහමින් එකතු වුණාම සැමියා ද බිරිය ද කියලා වෙනසක් නැහැ. දෙන්නාම සහයෝගයෙන් ජීවිතයට මුහුණ දෙනවා. රොෂාන් පිළපිටියගේ (Roshan Pilapitiya) ජීවිතයටත් බොහෝ කාලයකට පස්සේ එවැනි ආදරණීය බිරිඳක් මුණගැහෙනවා. රොෂාන්ට වඩා ලාබාල තරුණියක් වූ ඇය නමින් රිද්මා (Ridma).
ආදරය, ගෞරවය සම්මිශ්‍ර වූ රොෂාන්ගේ විවාහ ජීවිතයේ සුන්දර අවස්ථා විටින් විට ඔවුන් දෙදෙනාම සමාජ ජාල මාධ්‍යයට එකතු කරනවා. රිද්මා රොෂාන්ට ආදරයට කියන්නේ මගේ හුස්ම ටික කියලා. තමන්ට වඩා බොහෝ සෙයින් ලාබාල තරුණියක වූ රිද්මාට රොෂාන්ගේ රැකවරණය වගේම ආදරයත් නොඅඩුවම ලැබෙන බව දෙදෙනාගේ ෆේස් බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටේටස්වලින් පැහැදිලි වෙනවා. මේ කියන්න හදන්නෙත් ඒ් වගේ සමාජජාල මාධ්‍යයට ඒක් කර තිබුණ අපූරු වීඩියෝවක් ගැන.
රොෂාන්, පැළ විකුණන ස්ථානයකින් මල් පැලයක් සිටවූ පෝච්චියක් මිලදීගෙන එම පෝච්චිය තමන්ම ඔසොවාගෙන යන ආකාරය තමයි වීඩියෝවෙන් දර්ශනය වුණේ.
“යස අගේට හිටිය කොල්ලට බැන්දට පස්සේ වෙච්චි දෙයක්. හහ් හහ් හා best husband ever ”
රොෂාන් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුණ වීඩියෝවට දීලා තිබුණ කැප්ෂන් එක තමයි ඒ. රොෂාන් සහ රිද්මා ගෙවත්ත ලස්සන කරන්න මල් ගන්න ගිහින් තිබුණා. ඉතින් ඒ් අවස්ථාවේ වෙච්ච සුන්දර සිදුවීමක් තමයි එහෙම පළකරලා තිබුණේ. රිද්මාගේ දකුණු අතේ රොෂාන් පිළපිටිය කියලා ලියපු ටැටූ ඒකකුත් තියෙනවා.
මේ ළඟදි දවසක රොෂාන් සහ රිද්මා ඉතාම රොමෑන්ටික් විදියට පළමු විවාහ සංවත්සරය සමරනවා. කාලය ගෙවුණ ඉක්මන කියලා හිතෙන්නේ අන්න එතකොට. දැන් ඉතින් දෙන්නටම අම්මලා තාත්තලා වෙන්න කියාපු කාලේ. අපි බලමුකෝ 2019 අවුරුද්දේ අලුත් වෙනසක් අහන්න ලැබේවිද කියලා.
Roshan‘s Family Exclusive from Starfiends.lk