Daily News
Trending

ලා සිංඤ්ඤෝ අම්මා ගැන කියපු ඇඟ හිරිවැටෙන කතාව.Exclusive Photos

La Signore The Fragrance




La Signore The Fragrance Exclusive from Starfiends.lk

ඇතෙක් වගේ තනි මංසල බයක් නැතිව යන්නත් හිස ඔලියල් බැඳ සිරීපාදේ වන්දවන්නත් අම්මා කෙනෙකුට පුතෙක් වුවමනාමය. පුතෙක් කියන්නේ මවකට ඇත් රජෙක්සේය. නමුත් පසු කලෙක අම්මලාට පැසසුම් ගෙන එන්නේත් අවමන් ගෙන එන්නේත් ඒ පුතුන්මය. එක පුන් සඳින් ලෝකයේ ඝන අන්ධකාරය දුරු වන්නා සේ ගුණ ධර්මයෙන් පොහොසත් එක පින්වන්ත පුතෙක් ලෝකයටම ආලෝකය ගෙන එන්නේය. මේ පුවත ලියවෙන්නේ එවැනි පුතෙක් පිළිබඳවය.

Lahiru Perera

ඒ පුතා ලහිරුය (Lahiru). හුඟ දෙනෙක් දැනටත් කියන රම්බරී ලහිරුය. ලහිරු වෙනස් මඟක ස්වාධිනව යන්නෙකි. ඔහු තම නම ලා ස්ඤ්ඤෝ (La Signore ) ලෙස වෙනස් කරගනිමින් ඔහුගේ සංගීත චාරිකාවට ස්වීය අනන්‍යතාවක් එකතු කළේය. ලා සිඤ්ඤෝගේ සංගීත ගමන ලහිරු පෙරේරා තැබූ ඉදිරි පියවරක්ම විය.

ලා සිඤ්ඤෝගේ සංගීත ගමන අධ්‍යක්ෂකරයකු ලෙසත් අති සාර්ථක වෙද්දී ඔහු වෙනස්ම ක්ෂේත්‍රයකින් තවත් සුවිශේෂී පියවරක් තැබුවේය. එනම් පුද්ගල නාමයකින් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් හඳුන්වා දුන් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ ඓතිහාසික පියවරයි. ඒ අනුව ලා සිඤ්ඤෝ සිය පළමු පර්ෆියුම් (Perfume) බෝතලය පිළිගැන්වූයේ ඔහුගේ ආදරණීය අම්මාට.

එතැනින් නොනැවතුණු ලහිරු, ඔහුගේ ජීවිතයේ සාර්ථකම අවස්ථාවක අම්මා වෙනුවෙන් ඉතා වටිනා සටහනක් තබනවා. ඒ සටහන කොයිතරම් හැඟුම්බරයිද කියනවා නම් කියවපු හැමෝගෙම ඇස් වලට කඳුළක් උනනවා.

යුරේනි නොෂිකා, කාවින්ද්‍යා අධිකාරි, ටෙහානි, චන්දීප ජයකොඩි, උමාරියා වැනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනෙක්ම ලා සිඤ්ඤෝ ගේ මේ සංවේදී පෝස්ට් එක අගය කරලා තිබුණා.

මේ තියෙන්නේ ලහිරු පෙරේරා නොහොත් ලා සිංඤ්ඤෝ ඇස්වලට කඳුළු එන්න අම්මා ගැන ලියපු වචන කිහිපය.

” බලන්න අම්මේ, මං ඔයාට වඩා උස ගිහින්. මාව මේ ලෝකෙට බිහි කරලා බඩගින්නක් දැනෙන්න දෙන්නේ නැතුව මාව මේ තරමට උස මහත් කරන්න වින්ද මහන්සිය මට ඉස්සරට වඩා තේරෙනවා අම්මේ. මොකද මම පුත්තු දෙන්නෙක්ගේ තාත්තෙක්. උන් දෙන්නව හදන්න මගේ wife එයාගෙ මුළු ජීවිතේම කැප කරලා ඉවරයි. ඔයා ඔයාගේ ආසාවන් මගේ ජීවිතේ වෙනුවෙන් කැප කළා, තවමත් කැප කරනවා කියලා මට දැන් හොඳටම තේරෙනවා අම්මේ. ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ දේ කරනවා ඇති. මම ටිකෙන් ටික දියුණු වෙනවා බලාගෙන සතුටු කඳුළු හෙලන අම්මාව දැක්කාම මම අති සාර්ථකයි කියලා මට හිතෙනවා. @la_signore_the_fragrance කියන්නේ මගේ ජීවිතේ ලොකුම පිම්මක්. ඉන්දියාවේ ගායකයෙක් වත් කරලා නැති වැඩක් ලංකාවේ මං වගේ පොඩි කලා කරුවෙක්ට කරන්න පුළුවන් වුනේ අම්මා මට පොඩි කාලේ ඉඳල පුරුදු කරපු හොඳ ගුණාංග හින්දා වෙන්න ඇති. ඒක හින්දා මගේ පළවෙනි perfume එක දෙන්නේ මගේ අම්මාට. අම්මේ ඔයාගේ පුතා වැඩ පටන් ගත්තා විතරයි. ඉස්සරහට ගොඩක් දේවල් එයා කරයි. මගේ හැම දේකට මගේ අම්මා මට මුළු හදවතින්ම ආශිර්වාද කරනවා කියලා මම දන්නවා. ඒක හින්දා කාටවත් ඔයාගේ පුතාව නවත්තන්න බැහැ. මං වෙනුවෙන් කරපු හැම දේකටම මං අම්මාට ණයගැතියි. හැමදාම සතුටින් ඉන්න අම්මේ.මං ඔයාට ආදරෙයි “

ලා සිංඤ්ඤෝගේ සලකුණ සහිතව වෙළෙඳපොළට එන පර්ෆියුම් එක මිලදී ගෙන බලන්න දැන් ඔයාලටත් පුළුවන්.

Lahiru Perera with Mother
Lahiru Perera
Lahiru Perera
la_signore_the_fragrance
la_signore_the_fragrance

La Signore The Fragrance Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close