
දුෂේනි ආදරයෙදි සීයට සීයක්ම හැඟුම්බර කෙනෙක්ලුනෙ. ඒ කියන්නෙ පුංචි දේටත් ඇස් රතු කරගන්න බොළඳ කෙනෙක්ලු. ඒ නිසා දුෂේනිට ආදරයෙදි දැඩි තීරණවලට යන්න බැහැලු. ගැටුම් ඇති කරගන්නෙ නැතිව කෑකෝ ගහන්නෙ නැතිව පාඩුවෙ පැත්ත්තකට වෙලා ඉවසීමෙ බලාගෙන ඉන්න එක තමයි දුෂේනි කරන්නෙ. ආදරය කරද්දි තෑගිබෝගවලට කවුරුත් ආසයිනෙ. ඒත් දුෂේනිට ඕනෙ එයාගේ පෙම්වතා එයා වෙනුවෙන් කාලය ගතකරනවට. දවසක් දුෂේනිගේ පෙම්වතා එයාගෙ 22වැනි උපන්දිනයට අපුරු තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග තමයි හොර රහසේ සංවිධානය කරපු පුංචි පාටි එකක්. ඒ අවස්ථාව දුෂේනිව පුදුමාකාර විදියට සංවේදී කරනවා. ඒ කොයිතරම්ද කියනව නම් දුෂේනි සතුටු වෙනවා වෙනුවට ඇස්වල කඳුළු පුරවගෙන අඬන්න පටන් ගන්නවා. අන්න එහෙම දුෂේනි ආදර සැමරුමක් ඉස්සරහ සංවේදී වෙන්නෙ.