
නයනාත් ගයාත්‍රිත් කියන්නෙ කලා ක්ශේත්‍රයේ වගේම පෞද්ගලික ජීවිතේදීත් ගොඩක් සමීප යාලුවො දෙන්නෙක්. හැමතැනකම මේ දෙන්නා යන්නෙ එකට. දෙන්නට දෙන්න නැතිව ඉන්න බැරි තරමට මේ දෙන්නා හොදම යාලුවො දෙන්නෙක්.
පසුගිය දවසක නයන ගයාත්‍රි ගැනත් ඇගේ සැමියා චන්න ගැනත් හරි අපූරු කතාවක් කියලා තිබුනා. “මම චන්නව දන්නෙ ගයාත්‍රිටත් කලින්. චන්න කියන්නෙ හරිම නිවිච්ච ,නිහඩ, තැන්පත් චරිතයක්. හැබැයි ගයාත්‍රි කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. එයා දගකාර කෙලිලොල් චරිතයක්. ඉතින් මෙ දෙන්නා අහසයි පොලවයි වගෙ. අහසයි පොලවයි කවදාවත් එකතුවෙන්නෙ නැහැ හැබැයි අපිට පුලුවන් ඒක ගලපගෙන ජීවත් වෙන්න.”
මෙන්න මෙ වෙනස් ගතිගුණ නිසා තමයි නයනා ගයාත්‍රිත් චන්නත් අහසත් පොලවත් වගෙ දුරස් කියලා තියෙන්නෙ.