GossipsHollywood & Bollywood
Trending

කෝලියි අනුශ්කායි අම්මලා තාත්තලා වෙන්න යනවලු?Exclusive Photos

Anushka Sharma & Virat Kohli




Anushka Sharma on Pregnancy Rumours Exclusive from Starfiends.lk

පසුගිය දෙසැම්බර් 11 වැනි දා පළමු විවාහ සංවත්සරය සමරනු ලැබූවත් කෝලි සහ අනුශ්කාගේ (Koli & Anushka) විවාහ උණුසුම බොලිවුඩයෙන් තවමත් පහව ගිහින් නැහැ. ඒ තරමටම ජයට මඟුල් කාපු කෝලි සහ අනුශ්කා පසුගිය වසර පුරාම ගොසිප් මවන කපල් එකක් බවට පත්ව සිටිනවා. කොටින්ම 2018 වසරේ කෝලිට වගේම අනුශ්කාටත් හොඳ කල දවසක් උදා වුණා.

Anushka & Virat

මේ දිනවල අනුශ්කා (Anushka) රඟපෑ සීරෝ (Zero) සිනමා කෘතියේ ප්‍රවර්ධන කටයුතු සිදු වෙමින් තිබෙනවා. සීරෝ කියන්නේ සුපිරි නළු ශාරුක්ඛාන් (Shahrukh Khan)  රඟපාන වෙනස්ම සිනමා අත්දැකීමක්. සීරෝ සිනමා කෘතියේ ප්‍රවර්ධන කටයුතුවලටත් තාවකාලිකව සමු දීපු අනුශ්කා, කෝලිත් එක්ක ඕස්ට්‍රේලියාවට යන්නත් තීරණය කරලා සිටියේ. ඒ කෝලිගේ ක්‍රිකට් තරග සංචාරයකට සහභාගී වෙන්න.

Anushka & Virat

අනුශ්කා සහ විරාට් පළමු විවාහ සංවත්සරය රොමෑන්ටික් විදියට සමරන අතරතුරේ මේ දෙදෙනා සම්බන්ධයෙන් උණුසුම් පුවතක් වාර්තා කරන්න ඉන්දීය පැපරාසීන් සමත් වෙනවා. මේ පුවතට අනුව අනුශ්කා සහ කෝලි දෙමාපියන් වීමට සූදානමින් සිටිනවා. ඒ කියන්නේ අනුශ්කා අම්මා කෙනකු වීමටයි යන්නේ.

මේ වන විට අනුශ්කා ඉන්නේ ඇයගේ වෘත්තීය සිනමා දිවියේ ඉහළම තැනක. කෝලිත් ඔහුගේ ක්‍රිකට් දිවියේ සාර්ථක අදියරක සිටින වෙලාවක තමයි මේ ආරංචිය පැතිරෙන්නේ. බොලිවුඩ්වල සාර්ථක නිළියක් වෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි තරම් තරඟයක්. ඒ තරඟයට මුහුණදෙන්න නම් දක්ෂතාවය වගේම රූපය සහ සිරුරේ හැඩය පවත්වා ගැනීමත් වැදගත්. ඉතින් අනුශ්කා මවක් වීමට තීරණය කිරීම ඇගේ වෘත්තිය ජීවිතය පැත්තෙන් කොයි තරම් දුරට බලපාවිද කියලා කියන්න අපහසුයි.

බොලිවුඩය පුරා අනුශ්කා සම්බන්ධයෙන් වේගයෙන් පැතිරයන මේ කටකතාවට අනුශ්කාගෙන් ඊට පසුව සැර පිළිතුරක් ලැබිලා තිබුණා. ඒ අනුව කියවුණේ මේ කතාව අමූලික බොරුවක් බව.

බොරු ගොසිප් මවන කටකතා කරුවන්ට රිදෙන්නත් එක්ක අනුශ්කා මේ සම්බන්ධයෙන් උත්තර දීලා තිබුණේ මෙන්න මේ ආකාරයට

‘’ ඇත්තෙන්ම මේ කතාව නම් මෝඩ අදහසක්. අපට විවාහය හංගන්න පුළුවන් වුණත් ගැබිණියක වීම නම් සමාජයෙන් කොහොමවත් හංගන්න බැහැ. රංඟන ශිල්පිනියන්ට කොහොමත් මේ වගේ දේවල්වලට මුහුණදෙන්න සිදුවනවා. අපි විවාහ වන්න කලින් විවාහ වූ බවට ආරංචි පතුරුවනවා. මවක් වන්නත් කලින් මවක් වූ බවට කටකතා පතුරවනවා. මම ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. මේ විදියට පැතිරෙන හාස්‍යජනක ආරංචි ගැන වෙලාවකට මට පුදුමත් හිතෙනවා. මේ දවස්වල මම වැඩි අවධානයක් යොමු කරන්නේ මම භාරගත් නිර්මාණ කිහිපයකට. ඒත් එක්කම සාමාන්‍ය ජීවිතයේ වැඩත් පුරුදු විදියට කරගෙන යනවා ’’

Anushka Sharma
Anushka Sharma
Anushka & Virat
Anushka & Virat
Anushka & Virat
Anushka & Virat

Anushka Sharma on Pregnancy Rumours Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close