GossipsHollywood & Bollywood
Trending

අනුෂ්කා – විරාට් පළමු සංවත්සරය වෙනුවෙන් අනුශ්කා ගත්ත තීරණය

Anushka Sharma and Virat Kohli




Anushka Sharma and Virat Kohli First Wedding Anniversary Exclusive from Starfiends.lk

බොලිවුඩ් හොල්ලපු විවාහ මංඟල්‍ය අතරට අනුෂ්කා ශර්මා සහ විරාට් කෝලිගේ විවාහ මංඟල්‍යයත් ඇතුලත් වෙනවා. අද ඊයේ වගේ වුණාට මේ දෙන්නා විවාහ දිවියට එක්වෙලා දැන් අවුරුද්දකුත් ගත වෙලා.

පසුගිය වසරේ දෙසැම්බර් 11 දා ඉතාලියේදී අතිනත ගත් මේ සුපිරි නිළිය සහ ක්‍රිකට් ක්‍රීඩකයා තවමත් ඉන්නේ අලුත බැඳපු කුරුළු ජෝඩුවක් වගේලු.

Anushka Sharma and Virat Kohli

ලබන දෙසැම්බර් මාසයේදී විරාට් කෝලි ඔස්ට්‍රේලියාවට පිටත්ව යනවා. ඒ, ක්‍රිකට් තරඟ මාලාවකට සහභාගි වෙන්න. අනුෂ්කාත් ඔහු සමඟ ඔස්ට්‍රේලියාව යන්න සූදානමින් සිටිනවා. ඒ හේතුවෙන් තමන් රඟපෑ ‘සී‍රෝ’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහන්වලින් මඳකට ඉවත්වීමට ඇය තීරණය කරලා. අනුශ්කා පෙම්වතියක් විදියටත් විරාට් ගේ ක්‍රිකට් තරඟ නරඹන්න ගියානේ. තවමත් ඒ පුරුදු එහෙම්මමයි.

“අනුෂ්කා මේ වැඩකටයුතු හැම එකක්ම මීට මාස කිහිපයකට කලින් සැලසුම් කළ නිසා ‘සීරෝ’ චිත්‍රපට කණ්ඩායමට හැකියාව ලැබෙනවා ඇයට කල්තියාම නිවාඩුවක් දෙන්න. අනුෂ්කා ආපහු චිත්‍රපට වැඩවලට එන්නෙ විවාහ සංවත්සරයයි ක්‍රිකට් තරගාවලියයි ඉවර වු‍ණාට පස්සෙලු”

‘සීරෝ’ චිත්‍රපටයේ අනුෂ්කා රඟපාන්නේ සුපිරි නළු ශාරුක් ඛාන් එක්ක. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ශාරුක්ගේ බිරිය, ගෞරී ඛාන්. දෙසැම්බර් 21 දා ප්‍රදර්ශනය ආරම්භ කරන ‘සීරෝ’ වෙනුවෙන් දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර තිබුණා. මේ වෙනුවෙන් අනුෂ්කාව විශේෂයෙන්ම සහභාගි කරවාගන්නයි ඔවුන් බලාපො‍‍රොත්තු වන්නේ.

Anushka Sharma and Virat Kohli

කොහොම වුණත් සීරෝ හි ප්‍රවර්ධන කටයුතුවලින් ටික දවසකට හෝ ඈත් වීම නිසා චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම අසීරුතාවට පත්වෙනවා. මොකද මේක විශාල මුදලක් වැය කරපු ෆිල්ම් එකක්.

විවාහ සංවත්සරේ සමරලා එද්දි සීරෝ කණ්ඩායමෙන් අනුශ්කාට මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියන්න නම් අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේ වගේ දැවැන්ත වැඩක් එක්ක ඉන්න වෙලාවක වෘත්තියට මුල් තැන දෙන එකයි වැදගත්. අනුශ්කා ඕස්ට්‍රේලියාවට යන්න ගත්ත තීරණය සම්බන්ධයෙ සමහරු එහෙමත් කියනවා.

ඒවා අපිට අදාල නැහැනේ. අපිත් ඔන්න විරාට්‍ට වගේම අනුෂ්කාටත් සුබපතනවා. ඉක්මනින්ම දෙමාපියන් වෙන්න ලැබෙන කියලත් ප්‍රාර්ථනා කරනවා.

Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli
Anushka Sharma and Virat Kohli

 

Anushka Sharma and Virat Kohli First Wedding Anniversary Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close