
දිනිති වාසනාවයි හැකියාවයි දෙකම අතින් අල්ලගෙන රංඟනයට ආපු කෙනෙක්. ඇය රඟපෑ පළමු නිර්මාණයම අතිශය ජනප්රිය වුණා. මේ වනවිට දිනිති කෝටිපතියෝ සහ සිල්ලර සමනල්ලු කියන ටෙලි නිර්මාණ ද්විත්වයෙන්ම මුණගැහෙනවා.
දිනිති තමන්ගේ හීන හඹා යන්න වගේම හීන සැබෑ කරගන්නත් සමත් වුණ කෙනෙක්. ඇයට ඕනේ වෙනවා ලෝකේ වටේම යන්න. ශ්රී ලංකා එයාර්ලයින් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස දිනිති මේ වන විට රටවල් 55ක සංචාරය කර තිබෙනවා.
දිනිතිගේ රැකියාව සම්බන්ධයෙන් දෙමාපියන්ගේ සහ සහෝදරයන් දෙදෙනාගේ කිසිම කැමැත්තක් තිබිලා නැහැ. ඒත් සිහින හඹා යද්දි දිනිති දන්නවා අනෙක් බාධක ජයගන්න ඕනේ කොහොමද කියලා.
දිනිතිට ජෛව තාක්ෂණ උපාධියක් තියෙනවා. ඇය ඒක සම්පූර්ණ කරන්නේ අම්මා වෙනුවෙන්. එහෙම තමයි දිනිති ගුවන් සේවිකා වෘත්තියට ගෙදර සහයෝගය ලබා ගන්නේ.
දිනිති පුවත්පත් සාකච්ඡාවකින් තමයි මේ ගොඩක් තොරතුරු හෙළි කරන්නේ. තමන් ගැන මොන තරම් විවෘතව කතා කළත් දිනිති පෙම්වතා සම්බන්ධයෙන් නම් ඒ තරම් විවෘත වන්නේ නැහැ. ඇය කියලා තිබුණේ පෙම්වතා ගැන කතා කරන්න පවා අකමැති බව.