
මේ වසරේ තිරගත වූ හොලිවුඩ් සිනමාපට අතරින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට දහයට එක් වීමට මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට් චිත්‍රපටය සමත්ව තිබෙනවා. මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව ලොව පුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය වුණා.මුල් කාලයේ විශාල ආදායම් මට්ටමකට යන්න මේ චිත්‍රපටයට නොහැකි වුණත් එය චීනයේ ප්‍රදර්ශනය කිරීමෙන් විශාල ආදායමක් උපයා ගෙන තියෙනවා.
මිෂන් ඉම්පොසිබල් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 539ක ආදායමක් උපයාගෙන තියෙනවා. ඒ කියන්නෙ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතර දසවන ස්ථානය. මිෂන් ඉම්පොසිබල් කතා මාලාවේ අලුත්ම කතාව වන මෙම චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 178ක මුදලක් වැයකොට තිබෙනවා. මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව අතරින් දෙවැනියට වැඩිම ආදායමක් උපයා ඇත්තේ ද මෙම මිෂන් ඉම්පොසිබල් ෆෝල් අවුට් චිත්‍රපටයයි.
මෙය christopher Mcquarrie ගේ අධ්‍යක්ෂණයක්. හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් තමයි මම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. මිනිත්තු 148ක් තිස්සෙ මෙම චිත්‍රපටය ධාවනය වෙනවා.