Daily News
සමහරුන්ගේ කටවල් වැහෙන්නම අමල්ගෙන් අලුත් සින්දුවක් – Amal Perera

අමල් පෙරේරා ගැන මොනවද කියන්නෙ තියෙන්නෙ කියලා ඇහුවොත් එහෙම ඇත්තටම මොනවද ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. සමහරුන්ට ගොඩක් දේවල් කියන්න තියෙයි. තවත් අයට ඊටත් එහා දේවල් කියන්න තියෙයි. කවුරු කොහොම මොන විදියට මොනවා කිව්වත් ඉතින් අමල් පෙරේරා කියන්නේ අමල් පෙරේරාම තමයි. ඒක ඉතින් කාටවත් වෙනස්කරන්න බෑ. ගලේ ගැහුවත් ඒක තමයි ඇත්ත. අමල් පෙරේරා ගේ ඈත කාලයේ වැඩ ගැන කතා කරනවාටත් වඩා මෑත කාලෙ සිද්ධි තමයි පත්තු වෙලා ගියේ. අපිත් ඉතින් ඒ කතා අහන් හිටියා. හැබැයි ඒවත් අනුන් කියපු කතා. ඩුබායි වලදි මධූෂ් අහුවුණාටත් වඩා දේවල් මෙහෙ මිනිස්සු අමල් ගැන කතා කරන්න පටන් ගත්තා. කොහොමහරි අමල් ලංකාවට ආවට පස්සේ Media කාරයොත් එහෙන් මෙහන් වට වෙන්න පටන් ගත්තාට ඉතින් ඒකෙන් නං වැඩක් වුනේ නෑ. වැස්ස ආවාටත් වඩා ඉක්මනටම ගහගෙන ගියා. ඒ කතා එහෙම වෙනකොට මේක වෙනම සීන් එකක්.
ඔන්න ඉතින් දැන් භීෂණේ ඉවරයි. අමල් අලුත් සින්දුවක් කරන්නලු සෙට් වෙලා ඉන්නේ. මේ සින්දුව කරන්න මුලින්ම ගේමට බැහැල තියෙන්නෙ නදීමාල්ගෙ යාලුවෙක්. එයා තමයි සනුක වික්රමසිංහ. අමල් දවසක් සනුකට කියලා තියෙනවා සින්දුවක අයිඩියා එකක් ආවොත් එහෙම ඒ ගැන පොඩ්ඩක් බලන්න කියලා. මෙන්න මේ ගැන ඔලුවෙ තියාගෙන ඉඳලා තමයි සනුක මේ සිංදුව කරලා තියෙන්නේ. Lyrics, Music දෙකම සනුකගෙ. මේ සින්දුව තාම අවසාන භාගෙලු තියෙන්නේ. අමල්ගේ සිංදුව එළියට එන්නේ කවදද කියලා නම් තවම හරියටම කියන්න බෑලු. දන්නවනේ වැඩකාරයන්ට බොරු බෑ කියලා. ගානට කිරලා මැනලා තමයි වැඩේ කරන්නේ පත්තු වෙලා යන්නම. ඒත් ඉතිං බඩු ෂුවර්. අමල්ගේ සින්දුව ළඟදිම දවසක අහන්න ලැබෙන එක. එහෙම කියන්නේ මේක ඉන්ෂුවරන්ස් එකටත් වඩා ෂුවර් කතාවක් නිසයි.. එහෙම නම් බලාගෙන ඉන්න අමල්ගේ අලුත් සින්දුව අහන්න.