Daily News
Trending

රෝයල් බර්ත්ඩේ පාටි දාන චන්දිමාල්ට ප්‍රහාරයක්..?




ලංකාවේ කාටත් මතක හිටින බර්ත්ඩේ පාටියක් දුන්නේ චන්දිමාල් ජයසිංහ කියන රූපලාවන්‍ය ශිල්පියා බව දැන් නොදන්න කෙනෙක් නැහැනේ. ඒත් මේ කියන්න හදන්නේ චන්දිමාල් ගැන හොඳ ආරංචියක් නම් නෙමෙයි.

චන්දිමාල් කෝට්ටේ රජමහා විහාරයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ඇහැ ගහගෙන ඉඳලා තියෙනවා. ඒත් ඉතිං බස්නායක නිලමේ කෙනෙක්ට තියෙන්න ඕනේ විනය චන්දිමාල් ළඟ නැහැ කියලා විහාර දායක සභාව වගේම ලොකු හාමුදුරුවොත් චන්දිමාල්ට එක හෙලාම විරුද්ධ වෙලාලු.

කවුරු විරුද්ධ වුණත් කොහොම හරි බස්නායක නිලමේ තනතුර ලබා ගන්න ඕනේ කියන අදහසින් ඊට පස්සේ චන්දිමාල් දායක සභාවටයි ලොකු හාමුදුරුවන්ටයි විරුද්ධව පෙත්සමක් ගහලා.

මේ නිසා විහාරයේ දායක සභාව සෑහෙන කලබල වෙලා තියෙනවා. ඉතිං කට්ටිය චන්දිමාල් පන්සලට එන වෙලාවක් බලලා ඔහුට පහරදීලලු. චන්දිමාල් මේ සිද්ධිය ගැන මිරිහාන පොලීසියටත් පැමිණිලි කරලා තියෙනවා කියලා තමයි ආරංචි.

බස්නායක නිලමේ තනතුර කියන්නේ සිවිල් බලයක් ලැබෙන තනතුරක්නේ. චන්දිමාල් මේ එන්නේ මොකාටද කියන්න නම් දන්නේ නැහැ.

කොහොම වුණත් මෙහෙම ගිහිං චන්දිමාල් ලොකු අමාරුවක වැටෙන බව නම් පේනවා.

Tags
Show More
Close