
Nargis Fakhri Exclusive from Starfriends.lk
Nargis Fakhri කියන්නේ දන්න කාලේ පටන්ම බොලිවුඩයේ ගොසිප් මවන චරිතයක්. නිරූපිකාවක් ද වන නර්ගීස් රඟපාන්න ප්‍රවේශ වෙන්නේ 2011 වර්ෂයේදී පමණ.
කත්‍රිනා කයිෆ්ට සමාන රූපයක් ඇති බවට නර්ගිස් සම්බන්ධයෙන් පළවූ කටකතා නිසා ඇය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් එල්ල වුණා. බොහෝ බොලිවුඩ් තාරකාවන්ගේ පෙම්වතා වන්නට සමත් වූ සල්මන් ඛාන් පවා නර්ගිස්ගේ කටකතාවල ගොදුරක් බවට පරිවර්තනය වුණා. ඒකට හේතුවත් සමහර විට සල්මන්ගේ රූපයට සමාන රූපයක් හිමිව තිබීම වෙන්න ඇති.
ප්‍රේම සබඳතා නිසාත් නර්ගිස් කටකතාකරුවන්ගේ අවධානයට හසුවුණා.
මේ දිනවල තිරගත වීමට අපේක්ෂාවෙන් සිටින භූෂන් කුමාර් ගේ අමාවස් (Amavas) සිනමා කෘතියට නර්ගිස් ප්‍රධාන චරිත නිරූපනයෙන් සම්බන්ධ වෙනවා. ඒ ඇය මේ වසරේදී ප්‍රධාන චරිත රඟපෑ එකම සිනමා නිර්මාණය.
අමාවස් සිනමා කෘතියෙහි පූර්ව ප්‍රචාරක පටය මේ දිනවල ප්‍රචාරය වෙනවානේ. ඒ වැඩ කටයුතු අතරේ නර්ගිස් සම්බන්ධයෙන් වැරදි කටකතාවක් නැවතත් වතාවක් පැතිරෙන්න පටන් අරගෙන.
ඉන් කියවෙන්නේ නර්ගිස් ගැබ් අරගෙන ඇති බව. පැරණි පෙම් සබඳතා නිසා විවාහයට පෙර ඇය ගැබ් ගෙන ඇති බව ඉන් කියවෙනවා. මේ කටකතාව ඇතිවෙන්න හේතුවෙලා තිබුණේ නර්ගිස් ගැබිනි මාතාවන්ගේ විලාසිතාවන්ගෙන් සැරසී සිටීම නිසාලු. ඉතින් නර්ගිස් මේ ගැන ට්විටර් සටහනක් පළකරමින් කියලා තිබුණේ මෙහෙම.
” තමන්ට හොරා තමන්වත් නොදැන් මාධ්‍ය මාව ගැබිණියක කිරීම සම්බන්ධයෙන් පුදුම වෙනවා”
මෙහෙම කිව්වාට මොකද සමහරු නම් කියන්නේ නර්ගිස් මේ ජනප්‍රිය වෙන්න ගහන ගැට කියලා. මොකද අමාවස් කියන්නේ ඇගේ සිනමා ජීවිතයට අතිශය වැදගත් නිර්මාණයක්. ඇයට මේ වසරේ ප්‍රධාන චරිත නිරූපණයට ලැබුණ එකම අවස්ථාව වන්නේ අමාවස්. එහි ජනප්‍රියත්වය වෙනුවෙන් නර්ගිස් පුවත් මවාගන්න බව සමහරු කියනවා.
Nargis Fakhri Exclusive from Starfriends.lk