
Madhuri Dixit & Sanjay Dutt Exclusive from Starfriends.lk
ඔන්න මධුරි ආයෙත් සිනමා රංඟනයට ප්රවිශ්ට වෙනවාලු. ඒ ඔයාලා හැමෝම දන්නා හඳුනන සංජේ දත් (Sanjay Dutt) එක්ක. කාලෙන් කාලෙට විවිධ පුවත් මවන සංජේ දත්ගේ ජීවිතය ප්‍රශ්නවලින් පිරුණ එකක්. බොහෝ හැලහැප්පීම් එක්ක දිවෙන ඔහුගේ ජීවිත කතාව අළලා සිනමාපටයක් ද නිර්මාණය වෙමින් තිබෙනවා.
කොහොම නමුත් සංජය දත් සහ මධුරි ඩික්සිත්ව යළිත් එකිනෙකා මුණගැසෙන්නේ, අභිෂේක් වර්මන්ගේ කාලන්ක් සිනමා පටයෙන්. මධුරි සහ සංජේට අමතරව එහි සොනක්ෂි සිංහා, ආලියා බාත්, වරුන් ධවාන්, ආදිත්‍ය රෝයි කපූර් යන ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙක්ම රංඟනයෙන් දායක වනවා.
කාලන්ක් සිනමා පටය ලබන අප්‍රේල් මස 19 වැනි දා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වීමට නියමිත බවත් මේ වනවිට දැනගන් ලැබී තිබෙනවා.
අවසන් වරට මධුරි සහ සංජය පෙම්වතුන් ලෙස රඟපෑවේ සාජන් සහ කල්නායක් යන චිත්‍රපට වල.1992 දී ඔවුන් දෙදෙනා එකට රඟ පෑ සාජන් චිත්‍රපටය නිසා මධුරි සහ සංජේ සැබෑ ලෙසින්ම පෙම්වතුන් බවට පත් වුණා. හැබැයි ඉතින් සංජය දත් කියන්නේ සෙල්ලක්කාර චරිතයක් නිසා මේ සම්බන්ධයට වැඩි ආයුෂ තිබුණේ නැහැ. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් වගේම ඔහු අවස්ථා කිහිපයකදීම සිරගත වූ කෙනෙක්. ඒ නිසා මධුරි සහ ඔහු අතර ඇති වූ සබඳතාව නතර වෙනවා. 1993 වසරේ මුම්බායි බෝම්බ සිද්ධියට අදාළව ත්‍රස්ත චෝදනා යටතේ සංජේ දත් අත්අඩංගුවට ගැනීමත් සමඟ මම පෙම් සබදතාවයට තිත තැබුණා කියලා සමහරුන් කියනවා. නමුත් දෙදෙනා වෘත්තීය මට්ටමින් අදත් හොඳින් ගණුදෙනු කරනවා. ඒ නිසානේ මේ විධියට චිත්‍රපටයක එකට වැඩ කරන්න කැමැති වෙන්නේ.
Madhuri Dixit & Sanjay Dutt Exclusive from Starfriends.lk