GossipsHollywood & Bollywood
Trending

මතට තිත තැබීමට සංජේ දත් පාරට බසී…




සංජය දත් කියන්නෙ කාලයක් මතට ඇබ්බැහි වී සිටි නළුවෙක්. නර්ගීස් හා සුනිල් දත් ගේ එකම පුතු වූ මොහු තරමක දඩබ්බරයෙක්. සංජෙදත් ගේ මව මියයන්නේ පිළිකාවකින්.

සංජය දත් ගේ ආදර සම්බන්ධතා කිහිපයක් ම බිඳී යන්නේ මතට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙස. 1993 මුම්බායි බෝම්බ පිපිරීම් සිදුවීමේ සැකකරුවකු බවටත් සංජය දත් පත්වෙනවා. මේ නිසා ඔහුට සිර දඬුවම් නියම වෙනවා. ඊට පස්සෙ තමයි ආයෙත් ඔහු යහපත් කල්ක්‍රියාව හේතුවෙන් සිරෙන් නිදහස් වෙන්නෙ. මේ හැලහැප්පීම් සහිත ජීවිත කතාව මෑතකදී සිනමාවටත් නැඟුනා.

අපි නරකට නරකයි කියනවා වගේම හොඳට හොඳයි කියන්නත් ඕනෙ. මේ කියන්නෙ සංජය දත්ගෙ ජීවිතයේ හොඳ පැත්තක්. මත් වීමෙහි ආදීනව හොඳින්ම දන්නා සංජය දත් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටින්න තීරණය කරනවා.මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණයින් ඉලක්ක කරගනිමින් ඉන්දීය රජය ගෙනයනු ලබන වැඩසටහනක් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට සංජය දත් ඉදිරිපත්ව තිබෙනවා. මේ වනවිට ඉන්දියාවෙ මත් ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව දැනගන්න ලැබෙනවා. තමන්ගෙ ජීවිතාවබෝධයෙන්ම මේ වගේ සමාජ ක්‍රියාවන්‍ට සහයෝගය පළකිරීම සම්බන්ධයෙන් අපි සංජය දත් ගැන සතුටු වෙනවා.

Tags
Show More
Close