
නටාෂා කියන්නේ ලංකාවේ බෝඩර් එක පැනපු ගායිකාවක්. ඇය අන්තර්ජාතික මට්ටමට ළඟා වෙනවා වගේම ලංකාවේදී දැඩි කතා බහට ලක් වන කාන්තාවක් බවට පත් වෙනවා. ඒකට හේතුව ඇයගේ කලා භාවිතාව නම් නෙමෙයි. නටාෂා අඳින පළඳින විදිය සම්බන්ධයෙන් ලංකාවේ බොහෝ පිරිසකට තියෙන්නෙ නුරුස්සනා හැඟීමක්.
දේශීය සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් අඳිනවා සහ එසේ හැසිරෙනවා කියන චෝදනාව නටාෂා සම්බන්ධයෙන් මීට කලිනුත් අහන්න ලැබුණා. ඊයේ පෙරේදා ඒ කතා බහ වඩාත් උණුසුම්ව නැවත අහන්න ලැබුණේ නටාෂා මුහුණු පොතට එකතු කරපු ඡායාරූප කීපයක් නිසා.
ඉතාම කෙටි, කොට කලිසමකින් සැරසීගෙන ගීත ගායන කරන ඡායාරූප කිහිපයක් ෆේස්බුක් එකට එකතු කරන ගමන් නටාෂා ඒ ගැන දීර්ඝ සටහනකුත් ලියනවා.
මේ ඡායාරූප නිසා පහුගිය දින කීපයේම බුකිය ගිනි අරගෙන තිබුණේ. ශරීරය බොහෝ සෙයින් නිරාවරණය වන සේ ඇඳ සිටි මේ සරාගී ඇඳුම වගේම ඒ ඡායාරූප සමඟ බොහෝ දෙනා නටාෂා ගැන වැඩියෙන් ටිකක් උනන්දු වෙන්න ගත්තා.
නටාෂා තමන්ගේ ෆැෂන් ගැන වගේම තමන්ගේ විදිය ගැන මුහුණු පොතට එක් කරලා තිබුණ දීර්ඝ විස්තරයට නන්දෙසින් යෝජනා චෝදනා වගේම වර්ණනාත් ලැබිලා තිබුණා.
ඒ ගැන නටාෂා කියන්නේ මේ වගේ කතාවක්.
මං ගැන කවුරුහරි හිතන්නෙ මොනවද? කියන්නේ මොනවද, වගේ දේවල් මට වැදගත් නැහැ. මිනිස්සුන්ගේ ජීවිත පාලනය කිරීමේ බලය සමාජයකට ලැබෙන්නේ නැහැ. අපේ ජීවිත අයිති අපිට. මම කවදාවත් සමාජය සතුටු කිරීම වෙනුවෙන් ජීවත් වෙන්නේ නැහැ. මගේ විදියට මගේ කලාත්මක භාව ප්‍රකාශනය සිදු කිරීම අපරාධයක් නෙමෙයි. ලංකාවේ සංස්කෘතිය ගැන කතා කරනවා නම්, සීගිරි බිතු සිතුවම්වලින් පටන් ගන්න පුළුවන්.
බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් අනෙක් අය කරන්නේ මොනවාද යන්න පිළිබඳව අපි සැළකිලිමත් නොවිය යුතුයි. බුදු දහමට අනුව වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවක් පාලනය කිරීම නොකළ යුතුයි. ඒකෙ තේරුමක් නැහැ. තවත් කෙනෙකුගේ ක්‍රියාවක් විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. අපි කළ යුතු වන්නේ අපිට පහසු දෙයක්. අපේ ජීවන රටාවට ගැලපෙන දෙයක්.
නටාෂා ඉතා දීර්ඝ සටහනක් මඟින් මිනිසුන්ගේ මයින්ඩ් එකට කතා කරලා තිබුණා. ඒ මොනවත්ම කණකට ගත්තේ නැති පිරිසක් තවමත් නටාෂාගේ ඡායාරූපවලට පිළිකුල් සහගත කමෙන්ට්ස් දානවා. ඒ කිසිවක් නටාෂාට නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
කොහොම වුණත් ලංකාව වගේ සංකෘතික රටක් ඇතුලේ සීමාවෙන් පිට පනිනවා කියන්නේම එක විදියක අවදානමක්. නටාෂාට ඒ අවදානම ගන්න එක හරිම පහසුයි.