
ගයාන් වික්‍රමතිලක ආයෙත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න පටන්ගෙනලු. ඒකේ නම එක රෑනේ කුරුල්ලෝ. මේ නාට්‍යයට පුරුදු විදියටම චතුරිකා පීරිස් ද සහභාගී වෙනවා.
ගයාන් එයාගේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ අධ්‍යක්ෂණයෙන් විතරක් නෙමෙයි. ඔහුටත් නාට්‍යය ඇතුලේ උප ප්‍රධාන චරිතයක් හිමි වෙනවා.
එක රෑනේ කුරුල්ලෝ ෂූටිං මේ දවස්වල පටන් අරගෙන තියෙන්නේ. මේ නාට්‍යයේ ගයාන්ට තියෙන්නේ තරමක වෙනස් චරිතයක්. කෙල්ලො රවට්ටගෙන දතක් කාරිය ගලවගෙන දවසේ ගතමනාව හොයාගන්න සෙල්ලක්කාර කොල්ලෙක්ගේ චරිතයකට තමයි ගයාන් සහභාගී වෙන්නේ.
මේ නාට්‍යයට මහේන්ද්‍ර පෙරේරා ඇතුළු අති දක්ෂයින් කිහිප දෙනෙක්ම සහභාගී වෙනවා. ඉදිරියේ දිනක එක රෑනේ කුරුල්ලෝ ඔයාලගේ ආලින්දයේ සිටම නැරඹිය හැකියි.