GossipsHollywood & Bollywood
කෝලිට සුබපතන්න අනුශ්කා ග්‍රවුන්ඩ් එකට කඩා පැනපු හැටි.Exclusive Photos
Virat Kohli & Anushka Sharma

Virat Kohli & Anushka Sharma Exclusive from Starfriends.lk
අනුශ්කා ශර්මා සහ විරාට් කෝලි කියන්නේ ඉන්දියාවෙන් බිහි වූ අතිශය ජනප්‍රිය පෙම්වතුන් යුවලක්නේ. මේ දෙන්නාගේ විවාහ උත්සවයත් ලොව පුරා අතිශය කතාබහට ලක් වුණා. අනුශ්කා මේ දිනවල අති සාර්ථකව තිරගතවන සීරෝ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා. එහි ඇය රඟපාන්නේ රෝද පුටුවක දිවි ගෙවන ආබාධිත තරුණියකගේ චරිතයක්. අනුශ්කාගේ එම රංඟනය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රසාදයෙන් කතා කරලත් තිබුණා. සීරෝහි ශාරුක් ඛාන් අඟුටුමිටි චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම මෙම සිනමා කෘතිය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතු වන බවටත් අනාවැකි පළකරනවා.
ඉතින් මේ අතිසාර්ථක නිළිය අති සාර්ථක ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අත ගැනීම සාර්ථකත්වය දෙගුණ තෙගුණ වීමක් බව කියන්න ඕනේ. විරාට් කෝලිගේ නායකත්වයෙන් සිදුවන ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වෙන්න අනුශ්කා කල්තියාම තීරණය කරලා තිබුණා. ඒ සීරෝ සිනමා කෘතියෙහි ප්‍රවර්ධන කටයුතුවලට ද විරාමයක් තබමින්. මොකද මේ තරගාවලිය අනුශ්කාට ඒ තරම්ම වැදගත් එකක් වුණා. අනුශ්කා සහ කෝලි මධුසමය සඳහා තෝරා ගත්තේත් ඕස්ට්‍රේලියාව. මේ දෙදෙනා බොලිවුඩයේ ධනවතුන් දසදෙනා අතරට ද ඇතුලත් වෙනවා.
විරාට් කෝලි, තමාගේ නායකත්වයෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරනවා. කෝලි එලෙස ජයග්‍රාහී ටෙස්ට් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ පළමු වතාවට. ඉතින් මේ සතුටුදායක අවස්ථාවේ අනුශ්කාගේ සතුටත් ඉහවහා යනවා. ඇය කෝලි ක්‍රීඩාගාරයට එනතුරු නොසිට ක්‍රීඩා පිටියට දුවගෙන යනවා. ගිහිල්ලා තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයාව සෙනෙහසින් වැළඳ ගන්නවා. කෝලි, අනුශ්කාගේ ආදරය කොයිතරම් ආදරණීයව භුක්ති විඳිනවා ද කියලා ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපවලින් පවා පැහැදිලි වෙනවා. සුදුපාට ඇඳුමකින් සැරසී සිටි අනුශ්කා ක්‍රීඩා පිටියට පැමිණි දසුන ලෝකය පුරා රසවතුන් පිනවමින් ඉතා වේගයෙන් තවමත් සංසරණය වෙමින් තියෙනවා.









Virat Kohli & Anushka Sharma Exclusive from Starfriends.lk