
අනර්කලී කියන්නෙ ඇයටම උරුම වුන ශෛලයකින් ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ශක ආදරය ලබාගත්ත රංගන ශිල්පිනියක් කිවුවොත් හරි. ටෙලි නාට්‍ය වලට වඩා ඇය දිගින් දිගටම සිනමාපට රාශීයකට එකතු වීමත් සමඟ ප්‍රේක්ශක ප්‍රතිචාර වැඩි වැඩියෙන් ලැබෙන්නට වුනා.
ජනප්‍රියතාවයේ හිනි පෙත්තෙම හිටපු අනර්කලී එකවරම ක්ෂේත්‍රයෙන් ඉවත් වුනේ ඇගෙ විවාහය නිසා. මොකද ඇයට විවාහ වෙලා ඇගේ සැමියා සමඟ ඇමරිකාවට යන්න වුනා. අනර්කලී ලංකාවෙන් පිට හිටියත් ලංකාවේ සංස්කෘතිය අමතක කරලා නැහැ කියන එකට හොඳ උදාහරණයක් ඈ දීලා තිබුනා. ඒ තමයි පසුගියදා ඇමරිකාවේ ශ්‍රී ලංකානු දිනය වෙනුවෙන් පැවැත්වුන පෙලපාලියක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඈ තමන්ගේ සැමියා සමඟ ගමන් කරලා තිබුනා.
කැලිෆෝනියාවේ පැවතුන මේ පෙරඩ් එකට ගිය වසරෙත් ඈ සහභාගි වෙලා තියෙනවලු. කොහොම වුනත් මොන රටේ හිටියත් ලංකාවෙ අනන්‍යතාවය අමතක නොකල එකට බොහෝ අය ඇයට හොඳ කියනවා.