Daily NewsGossipsHollywood & Bollywood
Trending

X-men ලගේ අලුත්ම කතාව Dark phoenix ..

Dark Phoenix Movie




Dark Phoenix Movie Exclusive from Starfriends.lk

මේ වෙනකොට ච්ත්‍රකතා කියන එක ලංකාවේ පේන්නවත් නැති තරමට නැතිවෙලාම ගිහින් තියෙන්නේ. කොතනද වැරදුනේ කාටද වැරදුනේ කියලා නම් අපි දන්නේ නෑ. ඒත් ඒක එහෙම වුණා. හැමදාමත් සිද්ධවුණේ අපි දෙයක් බෙරගහලා පටන් ගත්තට පස්සේ ඒක නැතිවෙන්නෙත් මලබෙරේ ගහගෙනම තමයි. වැඩේ කියන්නේ ලංකාවේ චිත්‍රකතා නැතිවුණත් අමෙරිකාව, එංගලන්තය වගේ රටවල්වල මේක තවමත් ජනප්‍රිය Art එකේ කෑල්ලක්. එතනිනුත් මාවල් චිත්‍රකතා ඉහලම මට්ටමක තියෙනවා. X-men කියන team එකත් කරක් ගහන්න පටන් ගත්තේ මෙන්න මේ මාවල් චිත්‍රකතාවලින්. මේ team එකම තමයි එක්කෙනෙක්වත් අඩු නැති විදියට ෆිල්ම් වලටත් ආවේ. මේ වෙනකොට x- men ෆිල්ම් 11ක් release වෙලා තියෙනවා. 12 වෙනි ෆිල්ම් එක තමයි අපි මේ කතා කරන Dark phoenix. 2000 ඉඳන් මේ අවුරුදු 19 ටම x- men ලා එකතු කරගෙන ෆිල්ම් 12 ක් කරන්න පුළුවන් වෙලා තියෙනවා.

ෆිල්ම් එකේ හැටියට ජීන්ගේ, එහෙමත් නැත්නම් Dark phoenix ගේ character එක කරන්නේ‍ සොෆි ටර්නර්. ෆිල්ම් එ⁣කේ අනිත් characters තමයි Jessica Chastain, James McAvoy, Olivia Munn , Tye Sheridan, Michael Fassbender. ඒත් මේ සෙට් එකට එකතුවෙලා මේ ෆිල්ම් එක ගොඩදාන්න බැරිවෙලා තියෙනවා කියලා තමයි කියන්න. මුලින් කරපු ෆිල්ම් 11ලඟටවත් එන්න මේකට බැරිවෙලාලු.

කොහොමවුණත් ෆිල්ම් එකෙන් කියවෙන්නේ ජීන්ගේ, ඒ කියන්නේ සොෆි ටර්නර්ගේ තියෙන අධි මානසික බලය ගැන කතාවක්. එතකොට ජින් පුංචි කෙල්ලෙක්. ඒ කියන්නේ 1975 දී එයාට අවුරුදු පහයි. ප්‍රොෆෙසර් සේවියර්, ජීන්ට තියෙන මේ අධි මානසික බලය ගැන දැනගත්තාට පස්සේ ඇයව විශේෂ දක්ෂතාවයන් තියෙන දරුවන් ඉන්න පාසලකට යොමු කරනවා. ඒත් එක්කම ජීන්ගේ අධි මානසික බලය ගොඩ නගන්න කටයුතු කරනවා. මේ අතරවාරේ සිදුකරන අභ්‍යවකාශ ගමනකදි ජීන්ට ජවසම්පන්න බලයක් එක්ක එකතු වීමේ අවස්ථාව ලැබෙනවා. එතනින් තමයි ජීන්ගේ බලය විනාශකරන්න බැරි තරමේ බලයක් තත්වයට පත්වෙන්නේ.

ලෝකයේම ජනප්‍රියත්වයට පත්වුණු සුපිරිවීර චිත්‍රපට අධ්‍යක්ෂණය වගේම නිශ්පාදනය කරපු සයිමන් කින්බර්ග් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ. පහුගිය 7 වෙනිදා ඉඳලා ලෝකෙ වටේ කරක් ගහන්න පටන්ගත්ත Dark phoenix අධ්‍යක්ෂවරයා මීට ඉස්සෙල්ලා x-men- the last stan, . වගේ ෆිල්ම් වලටත් script ලියන්න සම්බන්ධ වෙලා තියෙනවා. කොහොම වුණත් විචාරකයෝ නම් කියන්නේ මේ අලුත්ම x-men ෆිල්ම් එක මෙච්චර කාලයක් තිස්සේ කරපු ෆිල්ම් 11ටම ඇනපු දරැණු පිහිපාරක් කියලා. ඒ තරමටම මේකෙ ගත යුත්තක් නෑලු.. x- men මුහුණ දුන්න දරැණුම තර්ජනයත් අන්න ඒකයි.

Dark Phoenix Movie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close