
Sewwandi Nayanthara Exclusive from Starfriends.lk
කාලෙන් කාලෙට එක එක විලාසිතා රැලි එනවා වගේ තමයි කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ රහ එහෙමත් වෙනස් වෙනවා. එහෙම වුණාම මිනිස්සු teledrama වුණත් බලන්නෙ ඒ වෙනස් වුණ රහත් එක්ක තමයි. ඉතින් මිනිස්සුන්ට පදමට රහ වැටුණු කතාවක් තමයි මේ දවස්වල telecast වෙන “තෝඩු”. මේ ටෙලිය වැඩි දවසක් යන්න ඉස්සර වෙලා මිනිස්සුන්ව තමන්ගේ ග්‍රහණයට ගන්න සමත් වුණා. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන මේ ටෙලියෙනුත් ෆීල්ඩ් එකට අලුත් අලුත් මූණු එකතු වුණා. ඒ අතරින් එකතුවුනු අලුත්ම චරිතේ තමයි සෙව්වන්දි නයන්තාරා. සෙව්වන්දි තෝඩුවලට වගේම මේ ෆීල්ඩ් එකටත් අලුත් මුහුණක් වුණාට එයා කවදාවත් එන්න නම් හිතන් හිටිය තැනක් නෙවෙයිලු මේක. එයාගේ කැමැත්ත තිබිලා තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් ඉතින් කොහෙද නේද අපි හිතන් ඉන්න දේවල්ම හරියන්නෙ නෑනේ. ගුවන් සේවිකාවක් වෙන්න ඉගෙනගෙන තිබුණත් ඒකට අවුල තිබිලා තියෙන්නේ ගෙදර සෙට් එකෙන්. අම්මයි තාත්තයි දෙන්නම අකමැති වුනත් වැඩියෙන් අකමැති වෙලා තියෙන්නේ තාත්තා. තාත්තා කොහොමත් ජොබ් එකකට යනවට නම් කොහෙත්ම කැමති වෙලා නෑ. ඒ හින්දා job වලට යන එක හීනයක් හින්දා ඒ අදහස එහෙමම අත්හැරලා දාන්න සෙව්වන්දිට සිද්ධවෙලා තියෙනවා.
එහෙම වුණත් ගුවන් සේවිකාව වුනේ නැති වුණාට දැන් වුණත් සෙව්වන්දි ආපු තැන වැරදි නෑ. වැඩි දවසක් යන්න ඉස්සර වෙලා විශාල රසික ප්‍රතිචාරයක් ලැබුනා කියලා තමයි සෙව්වන්දි නම් කියන්නේ. ඒකට ඉතින් අනිත් අයගෙන් ගොඩක් help එකක් ලැබුණා කියලා තමයි කියන්නේ. ඉතින් සෙව්වන්දි කියන විදිහට එයාට ගුවන් සේවිකාවක් වෙන්න ලැබුනේ නෑනේ. ගෙදරින් අකමැති නිසා ජොබ් එකක් කරෙත් නෑනේ. අන්තිමේදී කලාවට එන්න හිතන් හිටියේ නැති කෙනෙක් කොහොමද කියන්නකෝ ටෙලි ඩ්‍රාමා එකකට සෙට්වෙන්නේ. ඒකත් වුනේ හරිම සෙල්ලං විදියට තමයි.
සෙව්වන්දිට මීට කාලෙකට ඉස්සර වෙලා tik tok පිස්සුව තදේටම තිබිලා තියෙනවා. මෙන්න මේ කියන දවස් වල සෙව්වන්දිගේ වැඩේ tik tok videos, fb එකේ upload කරන එකලු. ඔන්න ඔය වගේ කරපු ටික් ටොප් වීඩියෝ දෙක තුනක් share වෙනකොට තමයි සෙව්වන්දිට call කරලා අහල තියෙන්නේ ඩ්‍රාමා එකක් තියෙනවා රඟපාන්න කැමතිද කියලා. ඒත් ඔය කතන්දරේ මාස දෙක තුනක් එහාට මෙහාට පැද්දෙන කොට තමයි අන්තිමේදී ගෙදරින් කැමති වෙලා තියෙන්නේ. කොහොම වුණත් කමක් නෑ නිකමට හිතල බලන්නකො tik tok සෙව්වන්දි ,දැන් තෝඩු ඩ්‍රාමා එකේ act කරන විදිය විතරක් කොහොමද කියලා.
Sewwandi Nayanthara Exclusive from Starfriends.lk