Daily News
Trending

Thor ටත් නෝනා කෙනෙක්…




පහුගිය කාලේ වැඩියෙන්ම ලංකාවේ ජනප්‍රිය වුණේ ගොඩක් වෙලාවට හින්දි ෆිල්ම් වලටත් වඩා English ෆිල්ම්. සමහරුන්ට නම් ඒක නෑ නෑ ඒක එහෙම නෙවෙයි කියලා කියන්නත් පුළුවන්. ඔව් ඉතින් සමහර වෙලාවට ඒක එහෙමත් වෙන්න ඇති. ඒ වුණත් ඉස්සර වගේ නෙවෙයි ලංකාවේ Movies බලන සෙට් එක වැඩි වැඩියෙන් බලන්න පටන් ගත්තේ Action Films. ඒවා බලන්න පටන් ගත්තම ඉතින් කුඩු ගැහුව වගේ තමයි. මොකද ටෙලි සීරිස් වගේ එකක් ඉවර වෙනකොට එකක් එන්න පටන් ගත්ත හින්දා. ඔය දේවල් එන්න ඉස්සරවෙලා හැමෝටම බලන්න දකින්න පුළුවන් උනේ ටීවී එකේ පෙන්නනදේ විතරයි. ඒක නිකන් හරියට දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා වගේ වැඩක්. කොහොම හරි ඔයාලාට මතක ඇති නේද තෝර්ව. තෝර් ඒ කවුද ඒ. එහෙම කියලා දන්නේ නැති ගානට වටපිට බලන්න තරම් සීන් එකක් උණේ නෑනෙ නේද? දන්න අය දන්නවා මිනිහා කවුද කියලා. නොදන්න අයට නම් දැනගැනීම පිණිස කියන්න තියෙන්නේ අර ලොකු පොරවක් අතේ තියන් ඉන්න හාදයා කියලා තමයි. ඒ ඉතිං ඉස්සර නේ. දැන් ඔන්න අලුතෙන් තවත් පොරවක් අතේ තියන් ඉන්න සීන් එකක් ලඟදිම එලියට එන්නයි යන්නේ. ඒ මෙන්න මෙහෙමයි.

2021දි තවත් තෝර් ෆිල්ම් එකක් එළියට දාන්න Marvel Film Company එක රෙඩි වෙලා ඉන්නවා.ඒ ෆිල්ම් එකේ නම තමයි Thor love and Thunder. හැබැයි ඉතින් ඒ අපි හිතන විදියේ තෝර් ෆිල්ම් එකක් නම් නෙවෙයි. මොකද මේ පාරනම් කාන්තා තෝර් කෙනෙකුත් ඉන්නවා. මේ කැරැක්ටර් එකට තෝරගෙන තියෙන්නේ පළවෙනි දෙවෙනි තෝර් filmsවල හිටිය තෝර්ගේ girlfriend විදියට act කරපු නටාලියා පෝට්මන්. මේ ෆිල්ම් එක රිලීස් කරන්න ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ 2021 නොවැම්බර් හය වැනිදා. කොහොම හරි මේ තෝර් ජෝඩුවගෙ සෙල්ලම් බලාගන්න අපිට 2021 නොවැම්බර් වෙනකම්ම ඉන්න නම් වෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close