Daily News
Trending

Thank you කුලේ…




Nuwan Kulasekara හොඳ cricketer කෙනෙක් කියලා හිතන් හිටියට කුලේට හරියට Cricket ගහන්න බැහැ. බෝල් කරනවා කියලා කිව්වට එහෙමට ලොකු සීන් එකකුත් නෑ. කොටින්ම කිව්වට කියන තරම් ටැලන්ට් එකකුත් නෑ, නුවන් කුලසේකරට.

ලංකාවේ cricket වලින් සලකපු විදියට අපිට හිතන්න තියෙන්නෙ අන්න එහෙමයි. ඉහලම පුටුවල ඉහලින්ම වැජඹෙන මිනිස්සුන්ට කවදාවත් කුලේගේ ටැලන්ට් පෙනුණේ නෑ. ඒව හැමදාමත් දැක්කෙ ground එකට ගිහින් cricket බලපු මිනිස්සු විතරයි. හැබැයි ලංකාවේ මිනිස්සු නොදැකපු ගොඩක් දේවල් අනිත් රටවල මිනිස්සු දැක්කා. ඊටත් වඩා කුලේ ගැන හොඳම කතාව කිව්වේ යෝකර් වලින් ලෝකෙම හොල්ලපු මාලිංග.
“මට විකට් ගන්න පුළුවන් වුණේ කුලේ නිසා. එක පැත්තකින් කුලේ Batsman ලාව දිගින්දිගටම හිර කරනකොට මට මගේ target එකට යන්න පුළුවන් වුණා. සෙල්ලම් කරපු අන්තිම මැච් එකේදිත් කුලේ හොඳට සෙල්ලම් කරා ඒත් ඇයි කියන්න දන්නේ නෑ කුලේට අයිත් චාන්ස් එකක් ලැබුණේ නැත්තේ. කුලේ ලංකාව වෙනුවෙන් ගොඩක් දේවල් කරා. අන්න ඒ වෙනුවෙන්වත් ඔහුට සමු දීමේ මැච් එකක් දෙන්න ඕන”
අන්න එහෙමයි මාලි, නුවන් කුලසේකර ගැන කිව්වේ. ඒ හින්දමද කොහෙද ඔන්න කුලසේකරට දැන් සමුදීමේ මැච් එකක් හම්බ වෙලා තියෙනවා. ඒක තියෙන්නේ ඛෙත්තාරාමෙ. බලන සෙල්ලම් ටික බලා ගන්න පුලුවන් වෙන්නේ ඉතින් අද තමයි. මොකද ඊට පස්සේ ආයිත් නුවන් කුලසේකර ground එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම ඕවර වලදී විකට් ගන්නෙත් නෑ, ලකුණු ඕනම වෙලාවට ඇවිල්ලා ලකුණු අරන් දෙන්නෙත් නෑ. කාලයක් සද්දයක් නැතුවම හිටපු කුලේ ඔන්න අද සද්දෙ දාගෙනම ground එකට බහින්නේ ලංකාවේ cricket වෙනුවෙන් මෙහෙයක් කරපු තවත් එක වීරයකුගේ සමුගැනීමක් සටහන් කරන ගමන්. ඉතින් අපිට කියන්න තියෙන්නෙත් ලංකාවේ cricket වෙනුවෙන් කරපු දේවල්වලට

“Thank you, කුලේ කියලා”

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close