Daily NewsGossipsHollywood & Bollywood
Trending

Shakira ඉගෙන ගත්තෙත් ලංකාවෙන්ද?

Shakira Faces Tax Fraud Accusation In Spanish Court




Shakira Faces Tax Fraud Accusation Exclusive from Starfriends.lk

Shakira කියන්නේ ලේසි පහසු චරිතයක් නම් නෙවෙයි. සින්දුවක් අහන්න ඕනමයි කියලා හිතුන වෙලාවට සමහරුන්ගේ first choice එක වෙන්නෙත් ශකිරා. ඒක හරියටම කියනවා නම් Shakira ඇවිත් එයාලට ඉනා බෙහෙත් කැවුවා වගෙ සීන් එකක් එතන තියෙන්නේ. 1977 කොළොම්බියාවේ ඉපදුණු ශකිරා music field එකට එන්නේ 1988දි. එතැන ඉදලා මේ වෙනකන් ලැබිලා තියෙන ජනප්‍රියත්වය නම් ආයෙ ඉතින් කතා කරන්න දේකුත් නෑ. මේ අතරවාරේ ශකිරා කසාද තුනකුත් කරගෙන තියෙනවා. මුල්ම කසාදෙ කර ගත්තේ 2000දි. ඒක අවුරුදු දහයක්ම ඇදගෙන ගිහින් තියෙනවා. මුල්ම Divorce එකේදි නම් ශකිරාගේ husband කිව්වේ, ශකිරා හිතන්නේ එයාගේ Business ගැනයි සින්දු කියන එක ගැනයි විතරයි. ඒක නිසා මේ වගේ තීරණයකට එන්න වුණාය කියලා. කොහොම හරි ඊට පස්සේ ශකීරා තව කසාද දෙකක්ම කර ගත්තා. ඒව ඇතුලේ වෙන්නෙත් මේවමද කියන්න අපි දන්නේ නෑ. කොහොම උණත් ශකිරා තනියම නම් හිටිය බවක් පේන්න නෑ. ඒවා ආගිය මුලගිය කතානේ ඒවා අපිට වැඩක් නෑ. අපේ කතාවට අපි බහිමු.

Shakira නෙවෙයි කවුරු වුනත්, මොනතරම් ජනප්‍රිය වෙලා හිටියත් ඉතින් ඔළුව නවන්න ඕන තැන්වල ඔළුව නවන්නම සිද්ධවෙනවා. එහෙම කේස් එකක් තමයි ශකිරාටත් ෆයිල් වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේ දවස්වල උසාවියෙ තමයි වැඩිහරියක් ඉන්නේ. හිතන්න එපා ඒකත් පැටලුණු Divorce කේස් එකක් කියලා. මේක නම් ආදායම්බදු කේස් එකක්. සීන් එකේ විදියට බාසිලෝනා වල උසාවියකට මෙයා පහුගිය දවසක ඉදිරිපත්වෙලා තියෙනවා. ⁣කොහොමහරි Shakira නොගෙවපු බද්දත් ලේසි නෑ. ඩොලර් මිලියන 16ක්. බදු නොගෙවපු එක ගැන නම් බාසිලෝනා අධිකරණයෙන් කියන්නේ මෙහෙමයි.

Shakira ස්පාඤ්ඤයේ කැටලෝනියා city එකේ පදිංචි වෙලා හිටියත් මේ කාලෙම කැරිබියන් දූපත්වල බාසිලෝනා city එකෙත් පදිංචි වෙලා හිටියාය කියලා. 2012-2014 කැටලෝනියා වල පදිංචි වෙලා හිටිය නිසා අන්න ඒ කාලය වෙනුවෙනුත් බදු මුදල් ගෙවන්න ඕනය කියලා තමයි අධිකරණය කියන්නේ. ශකීරාගේ lawyersලා නම් කියන්නේ ගෙවන්න ඕන බදු මුදල් කොච්චරද කියලා දැනගත්තට පස්සේ ඒ මුදල් වහාම ගෙවන්න ශකීරා පියවර ගත්ත කියලයි.

සාමාන්‍යයෙන් මහා පරිමාණයෙන් බදු මුදල් ගෙවන්නේ නැතුව මේ වගේ ජල්තර කේස් වෙන්නේ ඉතින් ලංකාවෙනේ.සමහරවිට ශකීරා මේ දේවල් ඉගෙන ගත්තේ ලංකාවෙන්ද කියන්න දන්නෙත් නෑ.

Shakira Faces Tax Fraud Accusation Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close