
2018 වර්ශය පටන් ගත්තෙම මුලු බොලිවුඩයම ජය මගුල් සක්වලක් කරමින් කිවොත් හරි. ඒක පටන් ගත්තෙ අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්ගෙත් ආනන්ද් අහුජාන්ගෙත් විවාහයෙන්. මේ වීවාහ මංගල්‍ය බොලිවුඩයේ සුපිරි තරු බොහෝමයක් එකට එකතුකලා. 2018 වසරේ මුල වගෙම වසරේ අගදිත් ජයටම දෙන්නෙක් වීවාහ උත්සවයක් ගන්නලු ඉන්නෙ.
මේ දෙන්න තමයි මේ දිනවල බොලිවුඩයේ කතාබහට ලක්වෙලා ඉන්නෙ තරු යුවල ඒ වෙන කවුරුත් නෙමෙයි දීපීකා පදුකෝන් සහ රන්වීර් සිං. මේ වසරේ නොවැමබර් මාසේ මේ දෙන්නගේ විවාහ කටයුතු යෙදිලා තියෙන්වා කියලා තමයි ආරංචි.
විවාහයෙන් පස්සේ දීපිකාටත් රන්වීර්ටත් ඉන්න සුපිරි නිවාස සංකීර්න යකින් කෝටී 30ක් වටින නිවාසයකුත් රන්වීර් මේ වෙනකොට මිලදී අරගෙනලු. අනිත් කාරනේ තමයි විරාත් කෝලිත් අනුශ්කා ශර්මත් ඉන්නෙ මේ නිවාස සංකීර්නයේමලු. බොලිවුඩයේ බොහො දෙනෙක් මෙ මංගල්‍යය දැක බලාගන්න ඇගිලි ගනිමින් ඉන්නවා කියලා තමයි ආරංචි.