Daily News
Trending

Photo සෙල්ලමෙන් සූර්යාගේ Love එකත් Break වෙයි..

Soorya Dayaruwan




Soorya Dayaruwan Exclusive from Starfriends.lk

“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා” කියලා සින්දුවක් තිබුණ ෆිල්ම් එකක් ඔයාලට මතකද? අමතක වෙන්න විදියක් නෑ. එක්කො සින්දුව මතක තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ෆිල්ම් එක මතක තියෙන්න ඕන.හරි, එහෙම ඒ දෙකම අමතක නම් ඒ වගේ සින්දුවක් තියෙන ෆිල්ම් එකක හිටිය පොඩි කොල්ලෙක් මතකද? ඔව් ඔය දෙක තුනෙන් එකක් හරි මතකෙ තියෙන්න ඕනනේ. හරි, ඒ දේවල් ඕනෙ නෑ. ඒ ෆිල්ම් එකේ හිටිය කොල්ලා නම් ඔන්න ‘සූර්යා’.

ඒ ෆිල්ම් එකෙන් පස්සේ සූර්යා ගැන වැඩියෙන් කතා කරන්න පටන් ගන්නෙ “මගේනේ..” Song එක නිසා. ඒකත් පොඩි කාලයකින් විප්ලවයක් කරපු නිර්මාණයක් කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ. මේ දවස්වල සූර්යා කියන්නේ තනිකරම හිරු කුමාරයෙක් වගේ තමයි. මොකද මේ වෙනකොට සූර්යා Film 17ක රඟපාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, Teledrama කිහිපයකත් රඟපාල තියෙනවා. කොහොම හරි සූර්යා මේ ළඟදි දවසක ආදරය ගැන කියලා තිබුණෙ නිකන්ම නෙවෙයි. First Love එකේ ඉඳන් Break වුණ Love එක දක්වාම කතන්දරේ. ඉතින් මෙන්න මෙහෙමයි සූර්යා නම් ඒ ගැන කියලා තියෙන්නේ.

සූර්යාට ඉස්ඉස්සෙල්ලාම ආදරය හිතේ ඇති වෙනකොට එයා හිටියෙ ඉස්කෝලෙ පහ වසරෙලු. හැබැයි වැඩේ කියන්නේ එයාගේ හිත ගිය ප්‍රේමවන්තිය මෙයාටත් වඩා අවුරුදු දෙකක් බාලයි. මේ Love එක හෙමිහිට හෙමිහිට ගලාගෙන ගිහින් නතර වුණේ O/L වලට ආවටත් පස්සෙලු. ඒත් ඉතින් ආයෙමත් සූර්යා පෙම්වතෙක් වුණාලු O/L ක්ලාස් එකේදී. මේ හැමදේම එහේ මෙහේ වෙලා දරුණුම Love එක පටන් අරන් තියෙන්නේ කැම්පස් එකේදිලු. ඒ ගැන සූර්යා කියන්නේ මෙන්න මෙහෙමයි.

“කැම්පස් එකට ගිහින් Second Year වලදි විතරලු මේ Affair එක පටන් ගත්තේ. ඔය කාලේ තමයි, සූර්යා ජනප්‍රිය වෙන්න පටන් ගන්න කාලය. මේ ජනප්‍රියත්වය තමන්ගේ පෙම්යවතියට තේරුම් ගන්න බැරි වුණු කතාවක් තමයි මෙයා නම් කියන්නේ. ඔන්න ඉතින් ඒ දවස්වල දෙන්නත් එක්ක පාරේ යනකොට සූර්යා ජනප්‍රිය නිසා මිනිස්සු බලනවලු. ගෑනු ළමයි බලනවලු, හිනා වෙනවලු, කතා කරනවලු. ඊටත් එහා වැඩේ කියන්නේ මේ හැමෝම වගේ සූර්යා එක්ක ෆොටෝ ගන්නත් එනවලු. ඊටත් එහා සෙල්ලම ඒක නෙවෙයි, මේ හැම ෆොටෝ එකම ගන්න වෙන්නෙත් සූර්යාගේ ආදරවන්තියටලු. ඒකත් අනෙක් ගෑනු ළමයින්ගේ මොබයිල් එකෙන්. මෙන්න මේ කතාව තමයි ටිකෙන් ටික දුර දිග ගිහිල්ලා තත්ත්වය දරුණු වෙලා තියෙන්නේ. ඉතින් අන්තිමට සූර්යාට හිතන්න වුණාලු පෙම්වතිය හින්දා රඟපෑම අතහරිනවාද, නැද්ද කියලා. කොහොමින් කොහොම හරි අන්තිමේදි ෆොටෝ හුටපටයක් නිසා සූර්යාගේ Love එක නැතිවෙලා ගියේ අන්න එහෙමයි.

Soorya Dayaruwan Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close