
බොලිවුඩ් සිනමාවට වඩා දැන් අනුශ්කා ශර්මා ගැන දැන් ගොඩ දෙනෙක් කතා කරන්නේ ක්‍රිකට් නිසා. ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමග ඈ විවාහ වීමත් සමගම මේ කතා බහ වැඩි වුනා.
පසුගිය දිනක අනුශ්කා පෙනී හිටපු ඡායාරූපයක් නිසා බොහෝ දෙනෙකුගේ විවේචනයට ඇයට ලක්වෙන්න සිද්ධ වුනා. එංගලන්තයේ තරඟ සංචාරයක නිරත වෙලා ඉන්න ඉන්දියානු කණ්ඩායම පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලයේ රාත්‍රී භෝජනයකට එකතු වෙලා තිබුණා. මේ සාදයට විරාත්ගෙ බිරිද වුන අනුශ්කාත් එකතු වෙලා තිබුණ අතර ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම ගත්තු සමූහ ඡායාරුපයකටත් පෙනි ඉදලා තිබුණා.
මෙ සිදුවීම හෙලා දකිමින් ගොඩ දෙනෙක් අහලා තිබුනේ අනුශ්කා ඉන්දියානු කණ්ඩායමේ සාමාජිකයෙක් දැයි කියලා. මේ එල්ල වෙලා තියෙන විවේචන වලට උත්තර දීපු අනුශ්කානම් කියලා තිබුණේ මේ හිස් ප්‍රකාශ වලට තමන් උත්තර දෙන්න යන්නේ නෑ කියලා.