GossipsHollywood & Bollywood
Trending

මයිකල් ජැක්සන්ගේ පියා මියයයි…




දරුවන් 11 දෙනෙකුට පීතෲත්වය සලසා දීපු ජෝ ජැක්සන් පහුගිය 27 වැනිදා සිය ජීවන ගමන නිමා කළා. දරුණු පිළිකා රෝගයකින්ද පීඩා විදිමින් සිටි ජෝ ජැක්සන් මියයන විට 89 වැනි වියේ පසු වුණා.

ජෝ ජැක්සන්ට පුතුන් 7 දෙනෙක් සිටියා. මේ අතුරින් ගීත ගායනයට හපන්කම් දැක්වූ පුතුන් 5 දෙනෙක් එකතු කරගෙන ජෝ ජැක්සන් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. එය පසුව “ජැක්සන් ෆයිව් ” නමින් ප්‍රසිද්ධ වුණා. මේ දරුවන් පස් දෙනා අතර හිටපු තිදෙනෙක් පසු කළෙක තමන්ගේ ගීත චාරිකාව තනිව ඇරඹුවා. මයිකල් ජැක්සන් කියන්නෙ ඒ අතර හිටපු එක පුතෙක්.

පොප් රජුන් සේ සැළකෙන මයිකල් ජැක්සන් මියගොස් වසර 9ක් සැපිරෙද්දි තමයි ජෝ ජැක්සන් මෙලෙස අවසන් ගමන් යන්නෙ.

Show More
Close