
Lady Gaga Exclusive from Starfriends.lk
“ප්‍රේමයයි වෛරයයි අතරේ අතරේ වෙනස කෙස් ගසකට සමයි ” කියල කිව්වට ඒ හැම දෙයක්ම පැත්තකට දාලා වෙන වෙන කේස් පත්තු වෙන වෙලාවලුත් තියෙනවා. අන්න ඒ වගේ කේස් එකක් ලොකුවටම පත්තුවෙච්ච කතාවන් අපිට usa වලින් දැන ගන්න ලැබුණා. මේකට හේතුවෙච්ච සීන් එක අපි පස්සේ දැනගමු. හැබැයි මේ දේ වෙලා තියෙන්නේ නම් එසේ මෙසේ කෙනෙක්ට නෙමෙයි සුපිරි පන්තියේ character එකකට. ඒ නම කිව්ව ගමන් ඔයාලා අඳුනන ලේඩිගාගාට. ලේඩි ගාගා සෙල්ලං තරැවක් නෙමෙයි. මීට අවුරුදු තුනකට ඉස්සෙල්ලා එයාගේ මුලු වත්කමම ගණන් බලද්දී තිබිලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 275ක්. හැබැයි ඉතින් ඒක බලලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. කොහොම වුණත් එයාගේ වත්කමට හරි යන්නමද දන්නෙත් නෑ අද පස්සෙන් පන්න පන්න පොඩි පොඩි කේස් පත්තු වෙනවා. ඒව ඉතින් පොඩිත් නෑ තනිකරම ලව් කේස්ම තමයි.
ලේඩි ගාගා මුල්ම love එක පටන් ගත්තේ ටේලර් කිනීත් එක්ක. මේ දෙන්නගේ ලව් එක කොච්චර දුර දිග ගියා ද කිව්වොත් 2015 දී දෙන්නගේ engagement එක පවා තිබුණා. ඒකත් ඔහේ කැරකි කැරකි පැද්දි පැද්දි තිබ්බට දෙන්න කවදාවත් මැරි කරේ නම් නෑ. ඕනම දෙයක් වෙන්නේ වැඩේ වෙන විදියටනේ. ඒක ඉතින් මේ දෙන්නටත් එහෙමම වුණා. මැරි නොකරම දෙන්න දෙපැත්තට වුණා. දෙන්න දෙපැත්තට උනත් ලේඩි ගාගා නම් පටන් ගත්ත වැඩ මග අතෑරලා දැම්මෙ නෑ. ඔන්න ඊට පස්සේ ආයෙමත් ලේඩි ගාගා film star කෙනෙක් වුණු බ්‍රැඩ්ලි කූපර් එක්ක affair එකක් පටන් ගත්තා. ඒකත් ඉතින් එච්චර දුර අල්ලලා ගිය ලව් එකක් නෙමෙයි. අනේ මන්දා ඉතින්. ලේඩි ගාගාගේ තිබ්බ දාංගලේටමද දන්නෑ. ඒ love එකත් බ්‍රේක් වුණා . ඔන්න ඊට පස්සේ තනියෙන් ඉන්න බැරිනිසාමද දන්නේ නෑ මෙයා ආයෙමත් affair එකක් පටන් ගත්තා. ඒත් මේ පාර එයා එක්ක love affair ,එක පටන්ගත්තේ field එකේ එක්කෙනෙක් එක්ක නම් නෙවෙයි. එයා ලොකු businesman කෙනෙක්. එයාගෙ නම තමයි ක්‍රිස්ටියන් කැරිනෝ. ඔන්න ඉතින් මේ ලව් එක ඉස්සර තිබ්බ ලව් වගේම දිගටම කෙරීගෙන ගියා. හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුනිසාද දන්නෑ මේ ලව් එකෙත් ටික ටික ඔන්න කේස් මතු වෙන්න පටන් ගත්තා. ඒවා ඉතින් ප්‍රශ්නමත් නෙවෙයි. හදා ගත්ත ඒවා තමයි. මේ දවස් වල ඉඳන් ලේඩි ගාගාටත් boyfriend ගෙන් නොසෑහෙන ප්‍රශ්න. ඒ වෙන මුකුත් හින්ද නෙවෙයි සැකේ තමයි උඩටම ඇවිල්ලා තිබුණේ . හැබැයි ඒ සැකේ මොකක්ද කියන්න ලේඩි ගාගා දන්නෙත් නෑ. මේ දේවල් මෙහෙම වෙනකොට නික්සන් හැම තිස්සෙම හොරෙන් හොරෙන් ලේඩි ගාගා යන යන තැන එන්නයි පස්සෙන් පන්නන්නයි පටන් ගත්තා. නික්සන්ට ඒකට හේතුවක් වුවමනා උනේම නෑ. ලේඩි ගාගාට මේක තනිකරම වදයක් වුණා. මොන කෙල්ලද තමන්ගේ කොල්ලා තමන්ව සැක කරද්දී උඩ බලාගෙන ඉන්නේ. ඒ තියරිය ලේඩි ගාගාත් use කරා. එයා සටනට බැස්සා. ඒ සටනෙ final result ,එක උනේ දෙන්නගෙ ලව්එක ලොප් වුණ එකයි. ඉතින් Affair එක නැවතුන එක ගැන සමහරු නම් කීවේ නික්සන් ලේඩි ගාගා ගැන ජෙලස් එකේ ඉන්නවා කියලයි.
කොහොම උනත් ලේඩිගාගාගේ යාලුවෙක් media වලට කියලා තිබුනෙ ක්‍රිස්ටියන් හැමතිස්සෙම එයාගේ පස්සෙන් පන්නන හින්දා එයා ක්‍රිස්ටියන්ට කිව්වලු “මින් පස්සේ මාත් එක්ක කතා කරන්න ලේස්ති වෙන්න එපා so sorry” කියලා.
Lady Gaga Exclusive from Starfriends.lk