
නිකම් ඉන්න මනුස්සයෙක් නෙමේ නළුවෙක්ට වුණත් ඉතින් කෙල්ලෙක්ගේ හිත ගන්න එක ලේසි වෙන්නෙ නෑ. ඒ ඇයි කියන්න නම් අපි දන්නේ නෑ. ඒත් ඉතින් සිද්ධ වෙන්නෙ නම් ඒ දේවල් ඒ විදියටම තමයි. ඒ දේවල් එහෙම වුණත් කෙල්ලන්ගෙ හිත ගත්ත කොල්ලො නැතුවමත් නෙවෙයි. හරියටම කියනවනම් වශීවෙලා වගේ තමයි සමහර කොල්ලෝ පස්සේ කෙල්ලො එන්න පටන් ගන්නෙ. අන්න ඒ වගේ කොල්ලෙක් තමයි සංගීතේ ටෙලි ඩ්‍රාමා එකේ මහී. ඒ කියන්නේ. ලවන්. ලවන් අභිෂේක් ගායකයෙක් වෙන්න කියලා හිතාගෙන ආපු ගමනෙදි තමයි අන්තිමේදී නළුවෙක් වෙලා නතර වෙන්න සිද්ධ වුණේ. 2015 Dream Star තරඟයේදී මෙයාට අයින්වෙන්න සිද්ධ වුණේ දාහතරවෙනියා විදියට. ඊට පස්සේ ඉතින් හිත හදාගෙන අනාගතයේ දවසක හිතේ තියෙන දේවල්වලට ට්‍රයි කරනවා කියලා හිතාගෙන ඔන්න තමයි ජොබ් එකකට සෙට් වෙලා තියෙන්නෙ. ඉතින් කාලෙකට පස්සේ දෙරණෙන් ආපු කෝල් එකෙන් තමයි ලවන්ට සංගීතේ ටෙලියට එන්න පාර හැදුනෙ. රඟපෑම කියන දේ මොකක්ද කියලවත් දන්නේ නැතුව තමයි තමන්ගේ මුල්ම ටෙලියේ වැඩ කළේ. මේකේ හොඳම කෑල්ල ඒක නෙමේ මෙයා නළුවෙක් වුණාට ලවන්ගේ ගේ පවුල් සංස්ථාවම අයිති වෙන්නේ Music ෆීල්ඩ් එකට. කොටින්ම කියනවා නම් තාත්තට බෑන්ඩ් එකක් පවා තියෙනවාලු. ලවන්ගේ ලොකු අයියා දෙරණ ඩ්‍රීම් ස්ටාර් වලටත් සම්බන්ධ වුණ කෙනෙක්. පොඩි අයියා Play කරන්නේ ගිටාර්ලු. ඉතින් ඒකට Music ෆැමිලි එකක් නොකියා වෙන මොනවා කියන්නද නේද ?
හරි ඉතින් කොහොමහරි ලවන් script එක එහෙම කියවලා ටික දවසකින් ඩ්‍රාමා එක කරගෙන යද්දි දැනුනලු පුරුදු ගතියත් ඒකෙ තියෙනවා කියලා. එතකොට තමයි ලවන්ගෙ ඔළුවටත් වැටිලා තියෙන්නෙ මේ තනිකරම යන්නෙ එයාගෙ ජීවිත කතාව නේද කියලා. ඩ්‍රාමා එකේ හැටියටත් එ්කේ මහීගෙ Dream එක වෙලා තියෙන්නෙත් ගායකයෙක් වෙන එක. ඇත්තම ජීවිතේ ලවන්ගෙ උනත් හීනය තමයි ගායකයෙක් වෙන එක. අනිත් හැමදෙයක්ම වගේ සිද්ධ වෙන්නෙත් ලවන්ගේ ජීවිතේ ගලාගෙන යන විදිහටලු. ලවන්ගේ හිතේ තියෙන දේමලු මහීගෙත් හිතේ තියෙන්නෙ. මේ දෙන්නගේ කිසිම වෙනසක් ලවන්ටනම් දැනෙන්නෙවත් නෑලු. ඉතින් බලාගෙන යද්දි මෙයාගේ ලයිෆ් එකේ Problem එකක් ආවොත් එහෙම මහීගෙ ජීවිතේ සිද්ධ වෙන දේවල් එක්ක ගලපලා දාලා ඒක විසද ගන්න බැරිවෙන එකකුත් නෑ.