Daily News
Trending

Divorce එකෙන් පස්සෙ ආරංචිවෙන අලුත් සීන් – Harshana Bethmage & Volga Kalpani




මොන තරම් සමගියෙන් සමාදානයෙන් හිටියත් ආදරේ කියන දේවල් කුඩු වෙලා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. රටේ ලෝකේ මිනිස්සුන්ට සර්වසාධාරණ ප්‍රේමවන්තයෝ වගේ පෙනුණට ඒත් ඒකෙ රියල් එක දන්නේ දෙන්නට දෙන්නා විතරයි. සමහර වෙලාවට මැරි කරන්න ඉස්සර වෙලා අවුරුදු ගණන් යාලු වෙලා ඉන්න ඇති. ඒත් මැරි කරලා ටික දවසකින් එයාලට එයාලම එපා වෙනවා. ඒක තමයි ඉතින් සංසාර චක්කරේ ලියවිලා තියෙන හැටි. හැබැයි ඉතින් ගොඩක් දේවල් දැන් දැන් මේ වගේ සිද්ධ වෙන්නේ art ෆීල්ඩ් එකේ තමයි. ඒකට හේතු කාරණා කියන්න නම් අපි කවුරුත් දන්නෙ නෑ. ඒ හින්දම ඒවට හේතු හොයනවාට වඩා හොදයි නිකන් ඉන්න එක. මොකද love affairs නැතිවෙන්නම ඒවට හේතු හොයා ගන්න බැරි හින්දනෙ. ඒ හින්දා අපි ඒවට හේතු හොයන එකේ පලක් නෑ. කොහොමහරි හර්ෂණ බෙත්මගේයි වොල්ගයි කියන්නෙත් ඒ වගේ එකට හිටපු අහිංසක කපල් එකක්. එහෙම තමයි අපි දැක්කේ. ඒත් ඉතිං කතාවක් තියෙනවනේ පැණි වරකා ගහටත් හෙන ගහනවා කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ දෙන්නටත් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ දෙන්නගේ ලව් එකත් වැඩි කාලයක් යන්නෙනැතුව චකබ්ලාස් වෙලා යන්න ගියා. ඒ දෙන්නම හෙමීට ඩිවෝස් එකත් අරගෙන තිබ්බා. ඩිවෝස් එක ගත්ත දවස් වල නං හර්ශන කියලා තිබ්බාලු මම එක එක්කෙනාට අනම් මනම් කියන්නේ නෑ, ගොසිප් ගහන්නේ නෑ, වෙබ් සයිට් වලට කියලා අනන්මනන් දාන්නෙ නෑ කියලා. ඒ වගේම වොල්ගාත් කියලා තිබ්බාලු වෙබ් සයිට් වලට එක එක දේවල් දැම්මනං දැම්ම කට්ටියම ඒ දේවල් දන්නවත් ඇති නේද කියලා. කොහොම කොහොම හරි ඔය වගේ කතා අතරේ මේ දෙන්නගේ Divorce එකෙන් පස්සෙත් සිද්ධි ගලාගෙන ගියා.

Divorce එකෙන් පස්සෙ දෙන්නා දෙපැත්තට වෙලා පාඩුවේ හිටියේ නෑ. ඔන්න දැන්නෙ වැඩ පටන් ගත්තෙ. දෙන්න දෙන්නට රිද්ද ගන්න වගේ එක එක දේවල් කරන්න පටන් ගත්තා. වොල්ගා එයාගෙ එෆ්බී එකේ ෆොටෝස් දාලා තිබ්බා අලුත් boyfriend කෙනෙක් එක්ක. හර්ෂණත් ඉතින් නිකන් හිටියේ නෑ. හැබැයි එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ මූණ නං දාලා තිබ්බේ නෑ. එකක් තිබ්බෙ ඇඟෙන් කොටසක් පේන විදියට. තවත් එකක් තිබුණේ අත් දෙක අල්ලන් ඉන්න විදියෙ එකක්. දෙන්නගෙ වැඩ කෝටියයි. වොල්ගා එයාගගෙයි බෝයිෆ්‍රෙන්ඩ්ගෙයි ෆොටෝස් FB දැම්මට පස්සේ හර්ෂණ කරේ එහෙමයි. ඊට පස්සේ ආයෙමත් වොල්ගා ගේම් එක පටන් ගත්තා. ඩිවෝස් එකෙන් පස්සෙ තිබ්බ එයාගේ මුල්ම birthday party එකේ ෆොටෝස් එයා FB එකේ දැම්මා. හිතාගන්න පුලුවළුවන් නේද ඉතින් ඒවා දැම්මෙ කාට පේන්නද කියලා. ,ඒ වැඩේ හරි.. දැන් ඉතින් තියෙන්නේ හර්ෂණගේ පාට් එක කරන්න. තාම නං ඉතිං එහෙම මුකුත් වෙච්ච බවක් පේන්න නෑ. ඒක හින්ද මේ දෙන්නගේ රස වැඩ ගැන බලාගෙන ඉන්න අයට මේ සෙල්ලම කොහෙන් කොහොම ඉවර වෙයිද කියලා මේ විදියට දිගටම බලාගෙන ඉන්න වෙයි වගේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close