GossipsHollywood & Bollywood
Britney, stage නගිද්දී Bieber සමාව ඉල්ලයි.
Britney Spears & Justin Bieber

Britney Spears & Justin Bieber Exclusive from Starfriends.lk
ලංකාවේ ෆිල්ම් බලන මිනිස්සුන්ට bollywood කියන්නේ පිස්සුවක් වගේම තමයි ඒ එක්කම Hollywood කියන්නේ ඒකේ අනෙක් පැත්ත. bollywood ද, hollywood ද කියලා නෑ කවුරු කවුරුත් ජීවත් වෙන්නේ ඒ film ඇතුලෙම තමයි. ඒකත් එහෙම වෙනකොට අපි බලමුකෝ music පැත්තෙන් කොහොමද කියලා. ඒකේ කියලත් ඉතින් වරදක් නෑ. කතාවටත් කියනවනේ සංගීතය විශ්ව භාෂාවක් කියලා. ඒත් ඉතින් මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඕන gossip තමයි. ඒ ගැන දැන ගන්න තරම් ආසාවක් ලොවෙත් නෑ. ඉතින් බලන්නකෝ මේ කතා දෙකත් කොහොමද කියලා.
Britney spears කියන චරිතය ගැන හඳුන්වල දෙන්න කවුරුවත් වදවෙන්න ඕනෙ නෑ. මොකද ඒ තරමට Western music ගැන කැමැත්තකින් ඉන්න අය දන්න කියන චරිතයක් තමයි Britney කියන්නේ. ඒත් කාලයක් තිස්සේ එයාව කාටත් දැක ගන්න හම්බවුනේ නෑ. ඒකටත් එක හේතුවක් තියෙනවා. මොකද එයාට තදබල මානසික රෝගයක් හින්දා ඒකට ප්‍රතිකාර අරගෙන Britney හිටියේ. මෙයාට musical shows වලට යන්න බැරි එකම හේතුව වුණේත් ඒක. ඉතින් Britney ගේ තාත්තා මෙයාට තහංචියක් පනවලා තිබ්බා ප්‍රතිකාර අරන් ඉවර වෙනකම් musical show වලට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ වුණත් ඉතින් Britney නම් ඒ කිසි දෙයක් ගානකටවත් අරන් නෑලු. ඔන්න Britney දැන් shows වලට යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඒ වුණත් Britney මේ වෙනකම් තාමත් නිල වශයෙන් කියල නෑලු එයා musical shows වලට යනවා කියලා. වටින් ගොඩින් එන ආරච්චි වලින් තමයිලු මේ දේවල් කියැවෙන්නේ. ඒත් සමහරු කියන්නේ Britney ගේ ජනප්‍රියත්වය අඩු වුන හින්දා ඒගොල්ලෝ විසින්ම මේක හදපු කතාවක් කියලා. මොනවා වුණත් Britney ගේ ප්‍රතිකාර නම් පහුගිය සතියේ ඉවරයි කියලා තමයි කියන්නේ. ඒ කතාව එහෙම වෙනකොට Bieber ගැන කතාව මෙන්න මෙහෙමයි.
high speed ගියා කියන්නේ පොලිසිය අල්ලලා දඩ ගහන එක ලංකාවට විතරක් නෙමේ මුලු ලෝකෙටම පොදු කාරණාවක්. ඒක ජනප්‍රිය ගායකයෙක්ද කව්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. නීතිය නීතියමයි. මීට දවස් කීපයකට ඉස්සෙල්ලා Beverly Hills වල අධික වේගයෙන් ගියපු වාහනයක් නවත්වන්න පොලිසිය සමත් වෙලා තියෙනවා. හැබැයි පොලිසිය වාහනය නවත්තලා තියෙන්නේ කාරණා දෙකක් හින්දා. එකක් තමයි windscreen එකේ license insurance copy එකක් අලවලා තිබුණේ නැති එක. අනිත් එක වාහනය ටින්ටඩ් කරල තිබ්බ හින්දා . කොහොම වුණත් වාහනය නැවැත්තුවාට පස්සේ නම් ඔන්න පොලිසියෙ කට්ටිය Driver කව්ද කියලා අඳුර ගෙන තියෙනවා. හැබැයි මොන තරම් ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වුණත් පොලිසිය ඉස්සරහ සද්ද දාන්න Bieber ගියේ නෑ. තනිකරම තමන්ගේ වැරැද්ද පිළිගත්තා. අන්න ඒක නිසා Bieberට දඩ ගහලා නෑ. මීට ඉස්සෙල්ලා නම් 2014 , 2018 වගේ අවුරුදු වලදී Bieber හොඳට, යසට දඩකාලා තියෙන හාදයෙක්. අපරික්ෂාකාරීව Driving කරලා එක පාරක් අත්අඩංගුවටත් පත්වුණා. ඒත් මේ පාරනම් ඒක එහෙම උනේ නෑ. Bieber මේ සිද්ධිය බොහෝම සාමකාමී balance කරගත්තා.
Britney Spears & Justin Bieber Exclusive from Starfriends.lk