
අශාන්ති, භාතිය – සන්තුෂ් කියන්නේ එකම පවුලක්. මේ පවුල ලංකාවේ සංගීතයට මතක හිටින වැඩ ගොඩක් කළා. අශාන්ති සංගීත කරලියට එන්නේ ඹ්න්S එක්ක. ඒ ගමන දැන් දැන් තරමක් දුරට වෙනස් වෙලාද? බොහෝ දෙනා නම් කිව්වේ අශාන්ති භාතිය සන්තුෂ්ලගෙන් ඈත් වෙලා කියලා. මෑතකදි තිබුණ ප්රසංග කිහිපයකම අශාන්තිව දකින්න නොලැබුණ නිසා ඒ කතාවෙත් පොඩි හරි ඇත්තක් නැතිවෙන්න බැහැ කියලා අපිට හිතුණා.
ඇත්තටම අශාන්ති මොකක්ද මේ කරන්න හදන්නේ? භාතිය සන්තුෂ්ලාගෙන් ඈත්වෙලා කොහෙද යන්න හදන්නේ?
මේ ප්රශ්නවලට ඇය උත්තර දීලා තිබුණා. අශාන්ති කියන විදියට ඇය තවමත් BNSෆැමිලි එකේම සමාජිකාවක්. හැබැයි ඇය තරමක් දුරට පවුලෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අශාන්ති එයාගේ සංගීත දිවියේ වෙනස් වැඩක් කරගෙන යනවා. තමන්ගේ කියලා නමක් හදාගෙන යනවා. එතනදි ඇය සෝලෝ සංගීත ශෛලියෙන් වැඩක් කරනවා. මේ සෝලෝ ගමන සහ රන්දීර් සහ අශාන්ති එකතුවෙලා කරන සංගීතමය කටයුත්තක් නිසා තමයි ඹ්න්S එක්ක කරන වැඩ වලින් තරමක් දුරට ඈත් වෙන්න ඇයට සිදුවෙලා තියෙන්නේ.
එහෙම වුණා කියලා අශාන්ති කවදාවත් BNS ට සමුදීලා නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ.
අශාන්තිට “අශාන්ති ස්කූල් ඔෆ් මියුසික්” කියලා මියුසික් ස්කූල් එකකුත් තියෙනවා. ඒකෙ අලුත් ශාඛා දෙකකුත් මෑතකදි ඕපන් කළා. මේ හරහා සංගීත ක්ෂේත්රයට අලුත් පිරිසක් බිහි වෙනවා. ඉතිං මේ සියලුම කටයුතු එක්ක අශාන්ති හරිම කාර්යබහුලයි. ඒ නිසා තමයි හුඟක් අයට හිතෙන්නේ ඇය භාතිය සන්තුෂ්ලාට සමුදීලා කියලා.