Daily NewsGossipsHollywood & Bollywood
Trending

පියුමි වැඩියෙන්ම කතාකරන්නෙ Boyfriend එක්කලු – Piyumi Hansamali




අපි හැමදාම කියපු දෙයක්නෙ පියුමි කියන්නේ තනිකරම news මවන character එකක් කියලා. පියුමි කිව්වාම ඉතින් එහෙ මෙහෙ බලන්නෙපා. පියුමිලා හතර පස්දෙනෙක් හිටියාට මේ කියන්නෙ පියුමි හංසමාලි ගැන. නිකමටත් ඉතින් සමහරු කියනවා පියුමි දිහා බලාගෙන හිටියත් ඇති බඩ පිරෙනවා කියලා. ඒකනං ඉතිං එහෙම කියන්නේ ඇයි කියන්න අපි දන්නෙ නෑ. ඒ කතන්දරේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කියනවා නම් ඉතින් ඔන්න හිතනම් පිරෙනවා කියලා කියන්න පුලුවන්. කාලයක් තිබුණා පියුමි ගැන එක එක විදියේ විස්තර, තොරතුරු, audio, video ගලාලෙන ආවා. ඒ හින්දම ඉතින් ගොඩක් කට්ටිය සෙට්වෙලාම හිටියා පියුමිගෙ දේවල් අහන්න දැනගන්න. ඒත් දැන් දැන් ඉස්සර වගේ නෙමේ පියුමි ගැන දැනගන්න නිවුස් එහෙමත් හරිම අඩුයි. අඩුයි නෙවෙයි නෑ වගේ. ඒ වුණත් ඉතින් ඒ ගැන දැනගන්න ඕන අයනම් ලෝකෙ පෙරලල හරි හොයාගන්න ඕන විස්තර ටික කොහෙන් හරි හොයා ගන්නවා. ඒකයි උනන්දුව කියන්නේ. මේ උනන්දුව සමහරුන්ට ඉස්කෝලේ යන කාලේ තිබ්බානම් ඒ ගොල්ලො අද ඉන්නෙ NASA එකෙ වෙන්නත් ඉඩ තිබ්බා.
කොහොමහරි අපි දන්න කතාවක්නේ ඕනම කෙනෙක්ට personal life එකක් තියෙනවා කියලා. , ඉතින් ඕනම කෙනෙක් තමන්ගේ life එක ඇතුලේ හරිම පරිස්සමෙන් පාවිච්චි කරන එකක් තමයි mobile phone එකක් කියන්නේ. ඔන්න ඉතින් කොයි දේවල් වුණත් කමක් නෑ අපි මේ කියන්නේ පියුමිගෙ ෆෝන් එක ගැන පොඩි විස්තරයක්. මීට ටික දවසකට ඉස්සෙල්ලා නම් පියුමිගෙ iPhone එකක් නැති වෙලා තියෙනවාලු. පියුමි කියන්නේ නම් කවුරු හරි පාටි එක වෙලාවෙදි, phone එක හොරකම් කරගෙන ගිහිල්ලා කියලා. ඒ වගේම තමයි එයාගේ wallpaper එකට දාල තියෙන්නෙ එයාගෙ පුතාගේ ෆොටෝ එකලු. ඉස්සර ෆෝන් එකේනම් ෆොටෝ ගොඩක් තිබ්බලු. ඒත් දැන් ඉතින් මේක අලුත් හින්දා දැන් තියෙන්නේ පොටෝ එක්දහස් තුන්සිය ගානක් වගේලු.
අලුතෙන් ගත්ත ෆෝන් එකක් උනාම ඉතින් ඕන කෙනෙක් ඒකට apps එහෙම දාගන්නවනෙ. පියුමි නම් හැබැයි කියන්නේ එයා වැඩියෙන්ම use කරන්නේ FB, Instagram කියලා. ඒ වගේම තමයි ඉතිං ෆෝන් එකට කෝල් එන්නෙ නැත්නම් වැඩක් නෑනෙ. මෙයාට වැඩියෙන්ම කතා කරන යාළුවො දෙන්නෙක් ඉන්නවලු. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ලු කෞෂි. කෞෂි කිව්වම ඉතින් ඔයාලා නොදැන ඉන්න විදියක් නෑනේ. මෙයත් පියුමි වගේම හරිම ජනප්රි යයි. මතකනෙ ලස්සන සින්දුවක විෂුවල් එකක් එහෙම කරලා තිබ්බා. හරි මේ ලඟදි දවසක පියුමි කියලා තිබ්බා කාත් එක්කද වැඩියෙන්ම phone එකෙන් කතා කරගෙන වැඩි වෙලාවක් ඉන්නේ කියලා. ඹයාලා හිතන්නේ කාත් එක්ක කියලාද? පුතා එක්ක.. අම්මා එක්ක… එහෙමත් නැත්නම් කෞෂි එක්ක? ඔයාලගෙ උත්තරේ ඒ අයගෙන් එක්කෙනෙක් හරි නම් උත්තරේ වැරැදියි කියලා තමයි කියන්න තියෙන්නේ. වැඩිදුර යන්න ඕන නෑනෙ, උත්තරේ කෙලින්ම කියනවානම් පියුමිම කියන විදියට එයා වැඩිවෙලාවක් phone එකෙන් කතාකරන්නෙ එයාගෙ boyfriend එක්කලු. ඒකෙත් ඉතින් වරදක් නෑ. පියුමිගෙ phone එකෙන් එයා කතාකරන්නෙ එයාගෙම boyfriendටනෙ නේද?

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close