
60 පැන්නත් බොලිවුඩයේ රොමෑන්තික පේ‍්‍රමවන්තයා ලෙසින් ආදරය දිනා ගන්නේ අවුරුදු 53ක් වයස්ගත කිංග් ඛාන්ම තමයි.
ශාරුක් සිය ජීවිතයේ 53 වෙනි සැතැපුම් කණුව පසු කළේ පසුගිය නොවැම්බර් 02 වැනිදා.
මේ අවුරුද්දේ ශාරුක්ගේ රසික ජනතාව වෙනුවෙන් ශාරුක් රංඟනයෙන් දායක වන පළවෙනි චිත‍්‍රපටය දෙසැම්බර් 21 වෙනිදා තිරගත වෙනවා. ඒ “Zero”. ශාරුක්ගේ බිරිඳට අයත් රෙඩ් චිලී නිෂ්පාදන ආයතනය තමයි Zero නිෂ්පාදනය කරන්නේ. ආනන්ද එල් රායි අධ්‍යක්‍ෂණය කරන මෙහි නිෂ්පාදන වියදම ඉන්දියන් කෝටි 200ක් ලු.
මෙම චිත‍්‍රපටයට ශාරුක් සමඟ සල්මන් ඛාන් ,කත‍්‍රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා රංඟනයෙන් දායක වනවා. ශාරුක් මෙහි රඟපාන්නේ උසින් අඩු පුද්ගලයෙකු ලෙස. ඒත් ඔහුට ඕනේ Superstar කෙනෙක් වෙන්න.
මේ වනවිටත් මෙම චිත‍්‍රපටය ජාත්‍යන්තර ප‍්‍රදර්ශනය සඳහා ඉන්දීය රුපියල් කෝටි 100 කට මිළදී ගෙන ඇති බව වාර්ථා වෙනවා. කොහොමත් ශාරුක් රඟපාන චිත‍්‍රපට ආදායම් වාර්ථා බිඳලන්නට සමත් වන නිසා සීරෝ අතිෂය සාර්ථක වෙයි කියලා අපි හිතනවා.