Daily News
Trending

ශනුද්‍රි වයසට ගැළපෙන්නලු රඟපාන්නේ..




ශනුද්‍රි ප්‍රියසාද් කියනවට වඩා ශනූව ගොඩක් දෙනා අඳුරන්නේ සමල්කා කිව්වම. ඒ තරමටම සමල්කට ආදරය කරන පිරිස වැඩියි. සමල්කා මේ චරිතයෙන් ඉවත් වෙනවා කියලා එහෙන් මෙහෙන් ආරංචි ආවත් හැබැයි තවම සමල්කා හරියටම කියලා නැහැ මේකෙන් අයින් වෙනවා කියලා. ඉස්සරහට බලමු කියලා තමයි ඇය කියන්නේ.

මේ වෙනකොට ඇය තවත් ටෙලියක වැඩ භාරගෙනලු තියෙන්නේ. ශනු ටෙලි නාට්‍යයක් භාරගන්න කලින් ගොඩක් ඒ තිරපටපත ගැන හොයලා බලනවලු. ශනුද්‍රි තාම ඉගෙන ගන්න නිසා එයාගේ වයසට ගැළපෙන චරිත තමයිලු එයා තෝරගන්නේ. නොගැළපෙනවා කියලා හිතෙනවනම් ඒ චරිතේ භාරගන්නේ නැතිලු.

සමල්කට චරිතයක් තෝරගන්න උදව් කරන්නේ අම්මයි තාත්තයිලු. ඒ දෙන්නා ගන්න තීරණයට ශනූ කැමති වෙනවලු. මේ වෙනකම් ජීවිතේ කිසිම තීරණයක් ශනූ තනිවම අරගෙන නැතිලු. අම්මයි තාත්තයි කියන දෙයක් තමයිලු කරන්නේ. කොහොමත් ශනූ පවුලේ බාලම කෙනා නිසා ටිකක් වැඩිපුර හොයලා බලනවා ඇති නේද.

Tags
Show More
Close