GossipsHollywood & Bollywood
Trending

ශ්‍රී දේවී ගැන දියණිය ජාන්වී කියන සංවේදී කතාව




ශ්‍රී දේවී ගේ දියණියක වන ජාන්වී කපූර් රඟපෑ Dhadak නම් වූ සිනමාපටය මේ මාසයේ 20 වැනිදින සිට තිරගත වීමට සියල්ල සූදානම්. තමන්ගේ සිනමා දිවියේ සුවිශේෂී අවස්ථාවක ජාන්වී සිය මෑණියන් සම්බන්ධයෙන් සංවේදී වෙනවා. ඇය තම මෑණියන් සම්බන්ධයෙන් පළකල අදහස් මෙසේයි. මගේ පළමුවැනිම සිනමා පටය තමයි Dhadak. මගේ අම්මා එහි රූගත කිරීම් සිදුවන කාලයේ හුඟක් උදව් කළා. අම්මට ඕනෙ වුණා මේ චිත්‍රපටය ජනතාව අතරට ගෙනයනවා දකින්නත්. චිත්‍රපටය ආවම රසික ප්‍රතිචාර වැඩි වෙයි. ඒවාට මුහුණ දෙන්න පුළුවන්ද? ඉන්දීය මාධ්‍යවේදියා ඇගෙන් අහපු ප්‍රශ්නයට ජාන්වී උත්තර දුන්නෙ මේ විදියට. මගේ අම්මා කියන්නෙ අතිශය ජනතා ආකර්ශනයක් තිබුණ කෙනෙක්. ප්‍රේක්ෂක රසික ප්‍රතිචාරවලට මුහුණ දෙන ආකාරය මම ඉගෙන ගත්තෙ මගෙ අම්මගෙන්. මම කිසි දෙයක් බරපතල විදියට ගන්නෙ නැහැ. කොහොම වුණත් මේ සිනමාපටය මගේ අනාගතයට සුබ ලකුණක් වේවි. ජාන්වී සිය මෑණියන් වන ශ්‍රීදේවී සම්බන්ධයෙන් තව බොහෝ දේ පවසනවා. ජාන්වීට රංඟන ශිල්පිනියක් වන්න අවශ්‍යයි කියපු අවස්ථාවේ ශ්‍රීදේවිට අයියෝ….. කියලා තමයි කියවිලා තියෙන්නෙ. ජාන්වී නම් කියන්නෙ එයා රඟපානවට අම්මගෙ ඒ හැටි කැමැත්තක් නොතිබුණ බව.

ජාන්වීට අම්මාගේ රංඟනයන් හුඟාක් දකින්නෙ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. මොකද ශ්‍රීදේවී හුඟක්ම ජනප්‍රිය කාලෙ ජාන්වී පොඩි දරුවෙක්. එයා හුඟක්ම ආස අම්මා රඟපාපු ඉංග්ලිෂ් විංග්ලිෂ් චිත්‍රපටයට. ඒත් දැන් නම් ජාන්වීට අම්මගෙ නිර්මාණ බලන්න බැරි තරම් වේදනාකාරීයි ලු. ගොඩක් වෙලාවට කරන්නෙ චිත්‍රපටය බලන එක නවත්තලා පැත්තකට වෙලා අඬන එකලු.

“අම්මේ මට ඕනෙ කැපවෙලා මහන්සිවෙලා වැඩ කරන්න. මම හොඳින් කරනවා කියලා අම්මට පොරොන්දු වෙනවා ”

ජාන්වී රංඟනයට එන්න කලින් ශ්‍රීදේවිට දුන්න පොරොන්දුව තමයි ඒ. ලෝකයේ විවිධාකාර මිනිසුන් ඉන්න නිසා පරෙස්සමින් ඉන්න කියන උපදේශය තමයි ශ්‍රීදේවි තම දියණිවරුන්ට ලබා දෙන්නෙ. ඇය ජාන්වී වෛද්‍යවරියක් වෙනවා දකින්න හුඟක් ආස වෙනවා. ඒත් ජාන්වී වෛද්‍ය වෘත්තියට යන්තමින්වත් කැමැති නැහැ. දවසක් ඒක ජාන්වී අම්මටත් කියලා තියෙනවා.

අම්මා රංඟන ජීවිතයවත් පෞද්ගලික ජීවිතයවත් කරදරයක් විදියට දැක්කෙ නැහැ. හරිම විනෝදකාමී කෙනෙක්. අපි වැඩිපුරම කතා කරන්නෙ නිදාගන්න යන වෙලාවට. එයා අපිට විහිළු කතන්දර කියාදෙනවා. අම්මා කවදාවත් ජීවිතයේ බැරෑරුම්කම ගැන හිතුවෙ නැහැ.

ජාන්වී තමන්ගෙ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක තමන්ගෙ අම්මව ආදරයෙන් මතක් කළේ ඒ ආකාරයට.

Show More
Close