Daily News

2 : 1 අනුපාතෙට ගුරාටයි ගෝලයටයි සම්මාන – මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ




ගුරුගෝල සම්බන්ධතා වගේ දේවල් ගැන අහන්න වැඩියෙන්ම ලැබුණේ ඉස්සර තමයි. ඒ වගේ දේවල් ඉතින් රජ කාලේ නම් නං සැරටම තිබුණා. ඊට පස්සේ කාලේ වෙන්න වෙන්න ටිකෙන් ටික ටිකෙන් ටික මේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඈත්වෙලා යන්න ගියා. කොහොමත් ගුරුවරයා කියන්නේ ගෝලයගෙ ළඟම ෆිට් එකක් වගේ එකක්නේ. නැත්තං හොඳම ගෝලයාට දුව දෙයිද. ඒව ඉතින් ඉස්සර කතා. මේ කියන්න හදන්නේ අලුත් කතාවක්.
ඔයාලට මතක ඇති පහුගිය දවසක ජනාධිපති සිනමා සම්මාන උළෙල තිබුණා. අවුරුදු තුනක්ම තිබුණේ නැති හින්දා අවුරුදු තුනටම හරියන්න තමයි සම්මාන මේ පාර හැමෝටම බෙදල දුන්නේ. ඒත් ඉතින් මේවා බෙදිලා ගියේ හරියටම සෙල්ලම් බඩු වගේ. එක්කෙනා දෙකගානෙ වගේ ගත්තා හරියට නිකන් සේල් එකෙන් සෙරෙප්පු ගත්තා වගේ.

එහෙම දෙකක් ගත්තෙ කෙනෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. හැබැයි ඉතින් මහේන්ද්‍ර ඒක ගත්තෙ නිකම්ම නිකං නෙමෙයි හොඳට වැඩක් පෙන්නලා. ඒ 2017, 2018 අවුරුදු වල හොඳම නළුවා විදියට සම්මාන අරගෙන. 2017 මහේන්ද්‍ර සම්මානය ගත්තෙ 28 ෆිල්ම් එකට. අනිත් එක දැවෙන විහගුන් film එකට. කොහොම හරි ඉතින් එහෙම සම්මාන දෙකකින් තමන්ගේ සම්මාන බෑග් එක පුරවගන්න මහේන්ද්‍ර සමත්වුණා ඒ සම්මාන 2 බෙදිලා ගියේ එහෙමයි. සාමාන්‍යයෙන් ලෝකෙ තියෙන ඕනෑම සම්මාන උලෙලකදීම සිද්ධවෙන්නේ සම්මාන වාරයකදී හොඳම නළුවාට වෙන්කරපු සම්මාන එකයි තියෙන්නෙ. ඒත් ඔන්න මේ පාර නං ඒක වෙනස් වෙලා තියෙනවා. මහේන්ද්‍ර පෙරේරාටම හොඳම නළුවා වෙනුවෙන් සම්මාන දෙකක්ම දිනා ගන්න පුළුවන් වුණා. දසුන් පතිරණ කියන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ ගෝලයෙක්. ගුරාට පුලුවන්නම් සම්මාන ගන්න ඇයි ගෝලයන්ට ගන්න බැරි. දසුනුත් මේ පාර සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මානයක් දිනා ගත්තා. ඒ 2016 කරපු ෆිල්ම් එකකට. වැදගත් ම සිද්ධිය වෙන්නේ මේ සම්මාන උළෙලේදී හොඳම නළුවාට තිබ්බ සම්මාන තුනම බෙදාගන්නට මේ දෙන්න සමත් වුණා. එ්කත් ඉතින් එක විදියක ගුරු ගෝල සීන් එකක්ම තමයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close