
ඉන්දීය සිනමාවේ අති දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙස සැළකෙන ‘ 2.0 ‘ සිනමා පටයෙහි පූර්ව ප්‍රචාරක පටය නොවැම්බර් 03 වැනිදාට රිලීස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා.
මේ ආරංචිය දෙන්නේ සුපිරි නළු ආක්ශේ කුමාර්. ඒ ට්විටර් පණිවුඩයක් මඟින්. ඉතින් දැනටමත් සමාජ ජාල මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති වෙලා තියෙන බව දැනගන්නට ලැබෙනවා.
ආක්ශේ කුමාර්, රජිනිකාන්ත්, ඇමී ජැක්සන් සහ අයිශ්වර්යා රායි මෙහි ප්‍රධාන චරිත රඟ දක්වනවා.
2.0, එස් ශංකර්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි සංගීතය සම්මානනීය සංගීත අධ්‍යක්ෂ ඒ ආර් රහුමාන්ගේ. නොවැම්බර් මාසේ අවසානය වෙද්දී මේ සිනමාපටය තිරගත කෙරෙන බවත් සඳහන් වෙනවා.