
සඳනි පතිරණගෙ ඉංජිනේරු පෙම්වතා ගැන අපිට දැනගන්න ලැබුණා. ඔහු ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරයෙක් විදියට සේවය කරනවලු. ඊට වඩා වැඩි විස්තර නම් කියන්න සඳනි සූදානම් නැහැ. කොහොම වුණත් තව අවුරුදු දෙක තුනකින් ඉංජිනේරු පෙම්වතාගෙ අත ගන්නත් සඳනිගෙ බලාපොරොත්තුවක් තියෙනවා. සඳනි විවාහයෙන් පස්සෙ රංඟනයෙන් ඈත්වන බව දැන්ම තියා කියනවා. කොහොමටත් සඳනි කියන්නෙ ගුරුවරියක් විදියට සේවය කළ කෙනෙක්. ගුරුවරියක් වුණාම ආදර්ශවත්ව ඉන්නත් ඕනෙ නිසා කොහොමත් රංඟනයෙන් ටික ටික ඈත්වෙන්න තමයි සඳනිගෙ කල්පනාව . සඳනිට තව හීනයක් තියෙනවා. ඒ තමයි මොන්ටිසෝරියක් ආරම්භ කරන එක. ඉතිං දවසක විවාහ වෙලා මොන්ටිසෝරියයි ගුරු වෘත්තියයි කරගෙන ඉන්න තමයි සඳනිගෙ කැමැත්ත. ඒ නිසා රංඟනයට ටික ටික සමුදෙන්න වෙයි කියලත් සඳනි කියනවා.