
Birthday Party කියන්නේ නළු නිළියන් එයාලගේ ජනප්‍රියත්වය ඉස්මතු කරගන්න පාවිච්චි කරන දෙයක්. කාලයක් අමතක වුණාම මෙහෙම කෙනෙක් හිටියා කියලා මතක් කරන්නත් බර්ත්ඩේ පාටි මරු. මේක එක එක විදියට සමරන වෙලාවල් තියෙනවා. සමහරු තමන්ගේ බර්ත් ඩේ පාටි එක වෙනස්ම විදියට සමරන්න ගිහිං නාගන්නවා. අලුත්ම විලාසිතාව තමයි ඒකට ඇඳින ඇඳුම් මෝස්තර. ඒවා ආන්දෝලනාත්මක ඇඳුම් විලාසිතා. ඉතිං මේ විදියට අරුමෝසම් උපන්දින සාද අස්සේ තව සමහරු වැඩිහිටි නිවාසවලට යනවා. ළමා නිවාසවලටත් යනවා.Surprise බර්ත්ඩේ පාටි කියලා ජාතියකුත් තියෙනවනේ. ඒක කරන්නේ පුදුම කරවන්න බලාගෙන. මේ සේරම සෑහෙන වියදම් කරලා කරන වැඩ. එක එක විදියේ බර්ත්ඩේ පාටි අතරේ පියුමි බොතේජුත් එයාගේ උපන්දිනය සැමරුවා. ඒ උපන්දින සාදයට ආපු හැමෝම ඇඳගෙන හිටියේ සුදුපාට ඇඳුම්. හරිම චාම් සුදුම සුදු ඇඳුමකින් සැරසිලා පියුමි කේක් ගෙඩියකුත් කපනවා. එදා පියුමි සාංඝික දානයක් දෙනවා. හරි පිලිවෙලට ලස්සනට ඒ දේවල් සංවිධානය කරලා තිබුණා. දන්න කියන නළු නිළියන් රැසක් මේ දානය භුක්ති විඳින්න එනවා. ඉතිං එක එක ජාතියේ උපන්දින සාද අස්සේ පියුමි කරපු වෙනසත් මාරයි. ඒක හොඳ ආරම්භයක්.;